හලාවත, තොඩුවාව ප්රදේශයේ නිවසක නවාතැන් ගෙන සිටින සිය පෙම්වතිය හමුවීම සඳහා එම නිවසේ පිටුපස පැත්තෙන් පැමිණි පෙම්වතකු නිවැසියන් දැක බියවී දිව යද්දී පාළු ළිඳකට වැටී මියගොස් ඇතැයි තොඩුවාව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ඉකුත් 10 වැනිදා රාත්රියේය.
මෙම තරුණයා මීගමුව ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර පෙම්වතියට මෙම නවාතැන්පළ සොයාදී ඇත්තේ ද ඔහු විසිනි.
සිද්ධිය වූ දින රාත්රි ඔහු තොඩුවාව නිවස අසලට යතුරුපැදියෙන් පැමිණ එම යතුරුපැදිය වෙළෙඳසලක් ඉදිරිපිට නතර කර පෙම්වතිය හමුවීම සඳහා එම නිවසේ පිටුපසින් පැමිණ තිබේ.
සිය පෙම්වතා පැමිණි බව පෙම්වතිය නිවසේ හිමිකරුට පවසා ඇති අතර ඔහු නිවස ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ බියට පත්ව පෙම්වතා දිව යද්දී මෙම පාළු ළිඳට වැටී ඇති බව පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන