රැඩිකල් රෝමාන්තිකයා

134

පද රචකයාගේ නිර්මාණාත්මක පරිකල්පනය ඇසුරෙහි බිහිවන වදන් මාලාව සංගීතඥයා අත පිරිපහදු වී ගායනය හරහා රසික පර්ෂද වෙතට සන්නිවේදනය වනුයේ ඔවුන ගේ සිත් ආනන්දයෙන් පුරවාලමනි. රසික හදවත් කම්පනය වූවා යැයි අප පවසනුයේ එවිටය. එහෙත් එවැනි ආස්ථානයකට ළ`ගාවිය හැක්කේ ගීතය පිළිබඳ ප‍්‍රකම්පනීය හදවත් ඇති නිර්මාණකරුවන්හට පමණි. ඔවුහු නිරතුරුවම අභ්‍යාසයෙහි යෙදෙති. නව අත්හදා බැලීම්වල නිරත වෙති. ගීතයෙහි වපසරිය තිබූ තැනින් ඔසවා උස් තැනක තබති.

එවැනි නිර්මාණාත්මක මිනිසුන් රාශියක් අප ගීත සාහිත්‍යය තුළ පරම්පරාවෙන් පරම්පරාවට බිහිවුණි. එම පරම්පරාවේ දිගුවක් ලෙසින් නූතන පරම්පරාවෙහි ගී පද රචකයින් කිහිපදෙනෙකු තම අඛණ්ඩ ව්‍යායාමය ගීත සාහිත්‍යය තුළ සලකුණු කරති. චාමින්ද රත්නසූරිය යනු එවැනි ව්‍යායාමයක යෙදෙන නිර්මාණාත්මක ගී පද රචකයෙකි. ඔහු නවීන ගුරු කුලය නියෝජනය කරනු ලබන එහෙත් කිසිදු ගුරුකුලයක සාමාජිකයෙක් නොවේ. එහෙයින් ඔහුගේ නිර්මාණාත්මක හැඩතල ප‍්‍රමාණවත් සාකච්ඡාවකට භාජනය වන්නේ නැත. ඔහු ජනප‍්‍රිය ගී පද රචකයෙකු වූවද ජනප‍්‍රියත්වය හඹා නොයන නිර්මාණකරුවෙකි. ඔහු සෞන්දර්යාත්මක ගුණයෙන් අනූන ගී පද රචනා බිහි කරන්නෙකි. ‘‘මල් පිට මල්’’ ගීතය පමණක් වුව ඒ සඳහා ප‍්‍රමාණවත් සාක්‍ෂියකි.

‘මල් පිට මල් සැලෙන දිගු මාවතේ
පියමත පිය තබමින් හිනැහෙන ඔබේ
ඉ`ගි නළුවට වශී වී
අත්තල නඟයි තුරුපත් පවා…..’

පේ‍්‍රමණීය කාන්තා ලාලිත්‍යය මෙතරම් නැවුම් ආකාරයෙන් ඉදිරිපත් කරන ලද පද පෙලක් අපට හමුවන්නේ නැති තරම්ය. යෞවනියක ගේ සුන්දරත්වය සමග ප‍්‍රහර්ෂයට පත්වන පාරිසරික වටපිටාව සැබැවින්ම චමත්කාරය. තම සිත්ගත් යෞවනියකගේ ගමන් විලාසය ඉ`ගි නළුවකට උපමා කිරීම වූ කලි රචකයාගේ පරිකල්පනයෙහි විශද වන පැසුණු භාවයයි. ඉ`ගි නළුව වූ කලි සංගීතයෙන්ද නර්තනය මුසු වූ භාව ලීලාවන්ගෙන් ද පිරිපුන් රංග කාර්යයකි. සැබැවින්ම එය සියුම් ලෙස පිරිපහදු කරන ලද රැු`ගුම් විශේෂයකි. ඒ හැම ඇසුරෙහි තම සිත් ගත් යෞවනිය ගේ අංග චලනයන් සියුම් ලෙස රචකයා රස විඳියි.

‘‘අත්තල නඟයි තුරුපත් පවා’’ යන යෙදුම ද උක්ත මනෝභාවය හා සැබැවින්ම ඒකාත්මික වන්නකි.

‘වැහි පිට වැහි හැළෙන රාත‍්‍රියේ
උණුසුම් වෙමින් තුරුලත වෙළී
මුදු රස විඳින සඳ… ඔබයි මමයි
හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි…’

මේ වූ කලි ශෘංගාරාත්මක රසයෙහි ගැබ්වන රස ප‍්‍රවාහයයි. මෙම වදන් ඇසුරෙහි ගී පද රචකයා විසින් මවනු ලබන දෘශ්‍ය රූපයෙහි සීමාව අසීමිතය. ගීතයෙහි ඉතිරි පද පෙල හරහා බිහිවනුයේ ද එවැනිම පොහොසත් සංකල්ප රූප පද්ධතියකි. මෙම ගී පද පෙල සෞන්දර්යාත්මක රසභාවයන්ගෙන් පෝෂණය වී ඇති මනරම් වියමනකි. උක්ත පද රචනාව වෙනුවෙන් කසුන් කල්හාර විසින් නිමවා ඇති තනුවද සංගීත සංයෝජනය ද අමල් පෙරේරාගේ ගායනය ද පද පෙලෙහි අගය තව තවත් තීව‍්‍ර කරයි.

‘‘සිත මා සොරාගෙන ගියෙ
ඇයි ද ඩැෆඩිල් මලේ……….’’

එවැනිම සොලිප්ත හැ`ගුම් සමුදායක් කැටිකොට ගත් ගීතයකි. ‘‘මෙන්න සඳ ළ`ගටම ඇවිදින්’’ ‘‘මී දුම් දුමාරයේ’’ ‘‘සුපෙම්බරා’’ වැනි පද රචනා ද චාමින්ද රත්නසූරියගේ හැකියාවට මනා නිදසුන්ය. ‘‘සින්ඩරෙල්ලා’’ ගීතය තුළ ද හමුවන චමත්කාර ජනක පාරිසරික වටපිටාව රසවත්ය. මේ සෑම ගීතයක්ම පාහේ නවමු අත්දැකීමක් ශ‍්‍රාවකයාහට ප‍්‍රදානය කරවන්නකි. මේ සෑම ගීතයක්ම චාමින්දගේ රචනා කෞෂල්‍යය පැහැදිලිවම සටහන් කරයි. උක්ත රචනා තුළ හමුවන ‘‘සඳ දිය’’ ‘‘පලා පැහැය’’, ‘‘සකුණ ගීය’’ හංස පියාපත්’’ ‘‘මුදු සඳරැස්’’ වැනි වදන් චාමින්දගේ බොහෝ රචනාවල හඳුනාගත හැක. මෙවැනි වදන් එම ගීතයකට ලබා දී ඇති වර්ණය ඉතා අලංකාරය. මෙම වැකි සිහිකරවනුයේ සම්භාව්‍ය සාහිත්‍යයකි. චාමින්දගේ ගී පද රචනා තුළ සම්භාව්‍ය සාහිත්‍යයෙහි සෙවනැල්ල සියුම් ලෙස දැවටී ඇත. ඔහුගේ සාර්ථකත්වය වනුයේ සම්භාව්‍ය සාහිත්‍ය ඇසුර නූතන සංකල්ප සමග මුසු කිරීමේදී ඔහු දක්වනු ලබන නිර්මාණාත්මක හැකියාවයි. එහෙයින් එම ගීත නූතන පරපුරෙහි හද ගැස්ම සමග ඒකාත්මික වේ.

‘‘රෝමාන්තික ඔපෙරාව’’ වැනි ගීතයක් එයට දැක්විය හැකි මනා නිදසුනකි. මෙම ගීතය ද තරුණ පරපුර අතර අතිශය ජනප‍්‍රියයි.

හේමන්ත නිද්‍රාවේ…………

‘රෝමාන්තික ඔපෙරාවේ
ඉසියුම් නාද සංරචනයේ
හැම ස්වරයකින්ම වෑහෙන්නේ
ඔබේ මගේ නොහිමි පේ‍්‍රමයයි…’

උක්ත ගීතය මෑත කාලයෙහි ලියවී ඇති මනරම් චිත්තාවලින් යුත් ගීතයකි. රචකයාගේ සියුම් භාව ප‍්‍රකාශනය ගායනය හරහා උච්ච ස්ථානයකට පැමිණෙන්නේ ඒ පිළිබඳ විස්මයක්ද කැටිවය. චාමින්ද අත දේශීය මූලාශ‍්‍ර මෙන්ම බටහිර මූලාශ‍්‍ර ද කිසිදු අනවශ්‍ය වැර වෑයමකින් තොරව ඒකරාශීවේ. ‘‘ඉඟි නළුව’’ ‘‘ඔපෙරාව’’ ‘‘රෝමාන්තික’’ යන වදන් මෙයට උදාහරණය. මෙවැනි වදන් මීට ප‍්‍රථම ලාංකික ගී සාහිත්‍යය තුළ අපට හඳුනාගත නොහැක.

උක්ත ගීතයෙහි මුල් අර්ධය සියුම් ලෙස දෙවන අර්ධයේදී රචකයා විසින් වෙනස් කරනු ලබයි. එහිදී ප‍්‍රකාශ කරනුයේ,

 හැම රැ`ගුමකින්ම වෑහෙන්නේ
ඔබේ මගේ නොහිමි පේ‍්‍රමයයි යනුවෙනි.

එහෙත් ස්වරය හරහා වෑහුණු නොහිමි පේ‍්‍රමය හැම රැ`ගුමකින්ම වෑහිම වූ කලි ඔවුනොවුන්ගේ ආත්මීය බැඳීමෙහි සංකේතයකි. චාමින්ද පද ඇමිනීමෙහිලා එසේ නැත්නම් පද සංඝටනයෙහිලා දක්වන හුරු බුහුටිකම උක්ත ගීතයෙන් මොනවට පැහැදිලි වේ. සැබැවින්ම චාමින්ද රත්නසූරිය යනු වදන් සමග ක‍්‍රීඩාවෙහි යෙදෙන රචකයෙකි. සංකල්ප රූප ඇසුරෙහි සිය වියමන සෞන්දර්යාත්මක ලෙස ප‍්‍රකාශයට පත් කරවන්නෙකි. විවිධ අත්හදා බැලීම්වල ප‍්‍රතිඵලයක් ලෙස බිහිවන ‘‘රැඩිකල් පේ‍්‍රමය’’ ගීතයද එවැනිම හැ`ගීමක් දනවන ගීතයකි. එහෙත් එය සපුරා අනිකුත් ගීවලින් වෙන්වන ලක්‍ෂණය වනුයේ එහි සංගීත පක්‍ෂයෙහි ඇති විවිධත්වයේ බල මහිමයෙනි.

මීට දශකයකට පමණ පෙර ඔහු විසින් රචනා කරන ලද ‘‘අතීතයේ මා’’ ‘‘අමීෂා’’ ‘‘පෙරවදනක්’’ ‘‘ලෙලැසියේ’’ ‘‘නිරුවත’’ ‘‘මීදුම් දුමාරයේ’’ ‘‘පාවයන්න’’ ‘‘ඉල්ලීමයි’’ වැනි ගීත විවිධාකාරයේ සංකල්පය රූප රසික සිත් සතන් තුළ ජනිත කරවනු ලබන නිර්මාණ සේ හඳුනාගත හැක. මේ සෑම ගීතයක්ම පාහේ ශ‍්‍රාවකයාගේ සියුම් රසවින්දනය රසයෙන් පුරවා දමනු ලබයි.

අතීතයෙන් උරුම කරගත් සංස්කෘතික විඥානය සංස්කරණය කරමින්, නූතන වංශය සමග එය ගළපමින් චාමින්ද රත්නසූරිය විසින් ගී පදවැල් හරහා බිහිකරනු ලබන නිර්මාණාත්මක චිත්ත රූප සමුදාය අපගේ විමසීමට ලක්විය යුතුමය. ඔහුගේ සෑම පදවැලකට පාහේ හමුවන සංකල්ප රූප පොකුරට අවශ්‍ය සංගීත වින්‍යාසය ද රසවත් ගායනාවන් ද නූතන සංගීත වංශය තුළදී ඉතා විශිෂ්ට ලෙස එම පදවැල් සමග එකිනෙකට වෙළී ඇත. නූතන සංගීත වංශය තුළ ඔහුගේම අනන්‍යතාවයක් සලකුණු වන්නේ එහෙයිනි.

සුලෝචන වික‍්‍රමසිංහ

රැඩිකල් රෝමාන්තිකයා
advertistmentadvertistment