රැඳවියෙක් බූස්සේ සීසීටීවී 23 කට හානි කරලා – විශේෂ විමර්ශනයක් අරඹයි

65

දරුණු ගණයේ අපරාධකරුවකු වන පොඩි ලැසී ඇතුළු අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධිආරක්‍ෂිත බන්ධනාගාරයේ CCTV කැමරා 23 කට අලාභ හානි කළ සිද්ධියක් සම්බන්ධයෙන් සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මංකොල්ලකෑම් සහ කප්පම් ගැනීම් චෝදනා යටතේ අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරයට මාරු කර එවා තිබූ රැඳවියකු විසින් මෙසේ කැමරා පද්ධතියට හානි කර ඇති අතර එම හානි කිරීම වැළැක්වීමට පියවර නොගත් බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයේදී අවධානය යොමුකර ඇත.

මින් පෙර ද මෙම රැඳවියා කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් විවිධ බන්ධනාගාරවල රඳවා සිට ඇත. එම පුද්ගලයාට විරුද්ධව රජයේ දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment