රැඳවුම් නියෝග මත සිටි රිෂාඞ් 18 දක්වා රිමාන්ඞ්…. පැමිණිල්ලේ චෝදනා අනුව නඩුව නිම වනතෙක් රිමාන්ඞ් කළ හැකියි

128

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැුඳවුම් නියෝත මත රඳවාගෙන ප‍්‍රශ්න කරමින් සිටියදී අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතා ලබන 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (10 දා* නියෝග කළේය.

රැඳවුම් නියෝග මත සිටි රිෂාඞ් 18 දක්වා රිමාන්ඞ්.... පැමිණිල්ලේ චෝදනා අනුව නඩුව නිම වනතෙක් රිමාන්ඞ් කළ හැකියි

සැකකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි වන බැවින් නඩු විභාගය අවසන්වන තුරුත් සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමේ බලය එම පනතේ 7 – 1 වනන්තිය යටතේ තම අධිකරණයට ඇති බව පෙන්වා දෙමින් මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ කර්මාන්ත අමාත්‍යාංශයට අයත් අබලි ද්‍රව්‍ය හා ලෝහ ද්‍රව්‍යවලින් සියයට අසූහයක ප‍්‍රමාණයක් සිනමන් ග‍්‍රෑන්ඞ් බෝම්බකරුවකු වන මොහොමඞ් ඊබ‍්‍රහිම් ඉන්සාබ් අහමඞ් නමැත්තාට අයත් ක්ලෝසස් ලංකා පෞද්ගලික සමාගමට ලබා දීමෙන් අනිසි ලෙස උපයා ගත් මුදල් ත‍්‍රස්තවාදී කටයුතු සඳහා යෙදවීමට ලබාදීම මගින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වැරැුදි සිදුකොට ඇතැයි රිෂාඞ් බදුර්දීන් මන්ත‍්‍රීවරයාට එරෙහිව චෝදනා න`ගා තිබිණි.

පසුගිය අපේ‍්‍රල් 24 වැනිදා සිට සිය සේවාදායකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිදුකරන විමර්ශන අවසන් වී ඇති බව පෙනී යන බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙසට සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් පැමිණිල්ල දැක්වූ විරුද්ධත්වය අනුව මහෙස්ත‍්‍රාත්වරයා එම ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment