ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ආදරණිය බිරිද පසුගිය 04 දින මෙලොවින් සමුගත් අතර, ඇයගේ අවසන් කටයුතු මහියංගණය ප‍්‍රා දේශීය සභා ආදාහනාගාරයේදී ආදිවාසී චාරිත‍්‍ර ද සිදු කරමින් සෞඛ්‍ය මාර්ග උපදේශනවලටද ප‍්‍රධානත්වය ලබාදෙමින් ඊයේ (06) දින පස්වරු 3.00ට පමණ සිදු කෙරිණි.
මියගිය ඌරුවරිගේ හීන් මැණිකා මාතාව කොරෝනා වෛරස් රෝගය ආසාදනය වී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී 04 දින පස්වරුවේ දී මෙලොවින් සමුගත්තේය. මිය යන විට ඇය 64 වන වියේ පසු විය.
ජීවිතක්ෂයට පත් බිරිඳගේ දේහය හදුනාගෙන, මරණ පරීක්ෂණ කටයුතු ස`දහා සහය ලබාදෙමින්, බිරිඳගේ දේහයට අවසන් ගෞරවය පුද කිරීම ස`දහා නිරෝධායන නීතිරීතිවලට අනුකූලව ආදිවාසී නායකතුමන් පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත පෙරේදා (05) පැමිණ සිටියේය.
පොලිස් ආරක්ෂාව යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ දේහය මහියංගණයට රැුගෙන ඒමෙන් අනතුරුව, මහියංගණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත බාර කෙරිණි. ඉන් අනතුරුව ආදිවාසී චාරිත‍්‍රාණුකූලව වත් පිළිවෙත් සිදු කරමින් දේහය ආදාහනය ස`දහා බාර කෙරිණි.
ආදිවාසියෙකු මිය ගිය විට දේහය ” හික් ” ගසෙහි පොත්තෙන් තනාගන්නා ඖෂධීය පෙට්ටියක තැන්පත් කිරීම ආදිවාසීන්ගේ අවමංගල්‍ය චාරිත‍්‍රය වේ. දේහය කිසි විටෙකත් ආදාහනය නොකරන අතර භූමදානය පමණක් ඔවුන් සිදු කරති. එහෙත් කොවිඞ් වසංගතයත හේතුවෙන් සෞඛ්‍ය මාර්ග උපදේශන අනුගමණය කරමින් හීන් මැණිකා මාතාවගේ දේහය ආදාහනය කිරීමට සිදු විය.
වැදි රැුහේ කෙනෙකු මියගිය විට මියගිය තැනැත්තාගේ ආත්මයට පුද පූජා පැවැත්වීම සිදු කරති. එය ” නෑ යකුන් පිදීම ” ලෙසින් හැදින්වේ. මියගිය තම ඥාතියා යකෙකු හෝ යකින්නියක වී ඉපිද තමන්ගේ යහපත හෝ අයහපත සලසන බවට ඔවුන් තවමත් විශ්වාස කරන අතර, නිරන්තරයෙන් මියගිය ඥාතීන් වෙනුවෙන් පුද පූජා පවත්වා ඔවුනට පිං දීමෙන් සතුටට පත්කිරීම අදටත් සිදු කෙරෙති. ඒ හේතුවෙන් මියගිය අයවළුන්ගේ දේහයන් මිහිදන් කිරීමට පෙර ආදිවාසී චාරිත‍්‍රානුකූලව පුද පූජා පවත්වමින් දේහය ”නෑ යකුන්” ට බාර කිරිම සිදු කෙරෙති.
මියගිය ඌරුවරිගයේ හීං මැණිකා මාතාව එක් දියණියක් හා පුතුන් අටදෙනෙකු දැයට බිහිකළ මාතාවකි. මේ වන විට දරුවන් අට දෙනෙකු ජීවත්ව සිටින අතර එක් දරුවෙකු රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් ඇත. තෙවැන්නා ලෙසින් උපන් දියණියක් ඇයගේ කුඩාම කාලයේ රෝගීව අසාධ්‍ය තත්වයකට පත්ව හදිසියේ මරණයට පත්ව ඇත.
පසුගියදා ආදිවාසී ගම්මානයේ සිදු කරනු ලැබූ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ආදිවාසී ගම්මානයේ කොරෝනා ආසාදිතයන් 44ක් සෞඛ්‍ය අංශ විසින් හ`දුනාගනු ලැබූ අතර ඒ අතරට ආදිවාසී නායකතුමන්ගේ බිරිද හීන් මැණිකා මාතාව හා පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුද ඇතුළත් වූහ.
දීර්ඝ කලක සිට වකුගඩු දෙකම අක‍්‍රිය වීමෙන් පීඩා විදි ඇය ස`දහා පසුව ශල්‍යකර්මයක් මගින් වකුගඩුවක් බද්ධ කිරීමෙන් අනතුරුව සුවපත්ව වසර ගණනාවක් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූහ.
මහියංගණය – රංජිත් කරුණාවීර