රිජ්වේ රෝහලේ වාට්ටු 4 ක  කොවිඞ් ආසාදිත දරුවෝ 71 ක් – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

69

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ වාට්ටු 4 ක කොවිඞ් ආසාදිත දරුවන් 71 දෙනකු මේ වන විට ප‍්‍රතිකාර ලබන බව ළමා රෝග විශේෂඥ වෛi දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (2 දා) පැවැසීය.

කෙසේ වෙතත් අවුරුදු 12 ට වැඩි සියලූ දරුවන්ට කොවිඞ් එන්නත ලබාදීමට කටයුතු කිරීම දෙමාපියන්ගේ යුතුකම බවද ඒ මහතා කීය.

දරුවන් අතරේ ඔමික්‍රෝන් පැතිර ගියද එය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ විභාග කටයුතුවලට බාධාවක් නොවන බවද ඒ මහතා කියා සිටියේය.

මෙම දිනවල දිනකට කොවිඞ් ආසාදිත දරුවන් 20 කට වැඩි පිරිසක් පැමිණෙන බවත් වඩාත් අපහසුවක් නොමැති දරුවන් නිවෙස්ගතව ප‍්‍රතිකාර ගැනීමට රෝහලෙන් පිටත් කර හරින බවත් ඒ මහතා කීය.

එලෙස නිවසේ සිටියදී එම දරුවන්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ වමනය යෑමක් ඇත්නම් 1390 ක්‍ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසද හෙතෙම සියලූ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment