ප්‍රියමාලි ළඟ සල්ලි දැම්මානම් බය නැතිව පැමිණිලි කරන්න – සීඅයිඩී ය ඉල්ලයි
සුපිරි කෝටිපතියන් රවටා මහා පරිමාණ මුදල් වංචාවක් සිදුකරන ලදැයි චෝදනා යටතේ වැලිකඩ බන්ධනාගාරයේ සිටින තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාව අධිකරණයෙන් ලබාගත් විශේෂ අවසරයක් මත රහස් පොලිසිය හා බන්ධනාගාර නිලධාරීන් විසින් මූල්‍ය ආයතනය පවත්වාගෙන ගිය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාලය සහ ඇය පරිහරණය කළ නිවාස 3 ක් වෙත කැඳවාගෙන ගොස් ස්ථානීය පරීක්ෂාවක් සිදු කරන ලදී. ඊයේ දහවල් මෙම කටයුතු සිදු කෙරුණි.
අදාළ මූල්‍ය ආයතනය පවත්වාගෙන ගිය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය තුළ තිබූ තවත් ලියකියවිලි ද දැඩි පරීක්ෂාවට ලක්කරනු ලැබීය.
ඇය දැඩි ආරක්ෂාව මධ්‍යයේ අදාළ ස්ථානවලට රැගෙන යන ලදී.
ඇයගේ මූල්‍ය වංචාවලට අදාළව මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇතැයි ද රහස් පොලිසිය පවසයි.
ඇයට විශාල මුදලක් එක්රැස්වීම ගැන තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටින බවද රහස් පොලිසිය කියයි.
හේමන්ත රන්දුණු