රිමි එකෙක් යන රටක මිනිසුන් අසරණ කරන වර්ජන රැල්ල

115

කවුරුන් කෙසේ කීවත් රට දැන් තිබෙන්නේ යන එන මං නැති තැනකය. ජනතාව සිටින්නේ කරකියා ගත හැකි දෙයක් නොමැතිවය. රට කරවන්නන් මෙන්ම අනාගතයේ රට භාරගෙන ජනතාවට සේවෙ කිරීමට හතිමුණින් දාගෙන දඟලන උතුමන් ඇතුළු ඇති හැකි අතළොස්සක් වූ පිරිස හැරෙන්නට සෙසු සියලූ රට වැසියන් අද දවසේ මුහුණ දෙන දුක්ඛ දෝමනස්සයන්
ගැන කියන්නට වචන නැත.

සැබෑ තත්ත්වය ඒ තරම්ම කාලකණ්නිය. එදා වේල සොයා ගන්නට වෙහෙසෙමින් ඉබාගාතේ ජීවත් වන තැනට ඇද වැටී සිටින රට වැසියෝ ඉදිරියේ ඇති දුක මහමෙර තරම් වන්නාහ.

දෙවසරක් පුරා පැතිර ගිය සහ තවමත් අප අතර තිබෙන කොරෝනා වසංගතය බොහොමයක් දේ අපට අහිමි කළ බව සත්‍යයකි. එහෙත් රටේ මිනිස්සු අද මුහුණදී සිටින මේ මහා දුක් කන්දට එකම හේතුව කොරෝනාවමද?

නැත, යළි යළිත් සඳහන් කළද සියල්ලට හේතු වූයේ කොරෝනා නොවේ යැයි කියනු හැර වෙන කියන්නට දෙයක්ද නැත. අප දන්නා ඇත්ත එසේ වුවද අද රට කරවන පිරිස නම් කියන්නේම යකා කොරෝනා කියාය.

ශී‍්‍ර ලංකාවට නිදහස හිමිවී ගෙවී ගිය වසර හැත්තෑ හතරක කාලය තුළ උනුත් එකයි මුනුත් එකයි කියන්නාක් මෙන් රට කරවූ උත්තමයන් තට්ටු මාරු ක‍්‍රමයට කළ සූරා කෑමේ තරම කොරෝනාවට වඩා වත්මන් අහේනියට හේතුව යැයි කියන්නට කිසිවකුත්ම නැත.

විලිලැජ්ජාවක් නැතිවාක් මෙන් කිසිවකුටත් ඇඳුමක් ඇඳගෙන එසේ පැවසීමට හැකියාවක් ද නැත. එනිසා සියලූ දෙනා කොරෝනාවට තඩි බාද්දී ජනතාවට සිදුව ඇත්තේ අපා දුක් විඳින්නටය. එකී විඳවීමේ කෙළවරක්ද නැත. දිනෙන් දින සිදු වන්නේ එහි දිග පළල වැඩිවීමය.

මේ මොහොත දකින්නට තිබෙන රටේ සැබෑ තත්ත්වය එසේ වී තිබියදී වත්මන් රජය බලයට පත්වූ දා සිට තවත් මරාලයක්ද විඳවමින් සිටින දුප්පත් මිනිසුන්ගේ හිස් මතට පතිත වෙමින් ඇත.

එය වන්නේ දිනෙන් දින උත්සන්න වෙමින් කි‍්‍රයාත්මක වන වර්ජන සහ උද්ඝෝෂණ රැල්ලය. එම රැල්ලේ එක් ප‍්‍රබල ආරම්භයක් ඇති වූයේ ආණ්ඩුව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කිරීමට සූදානම් වූ අවස්ථාවේදීයි පැවසීම නිවැරදි වන්නකි.

කොතලාවල ආරක්‍ෂක වශ්වවිද්‍යාලය යනු අනිවාර්යයෙන්ම කි‍්‍රයාත්මක විය යුතු දෙයකි. එහි විවාදයක් කොහෙත්ම අපට නැත. වල්වැදී ඇති මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ විනය පිළිබඳව සලකා බැලීමේදී කොතලාවල විශ්වවිද්‍යාලය වැනි ආයතන තව තවත් රටේ බිහි වන්නේ නම් එයද ඉතාම කාලෝචිත වන්නකි.

කොතලාවල විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුව ගෙන ඒමේදී නිදහස් අධ්‍යාපනය සුරකින්නට යැයි පවසමින් ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කරන මුවාවෙන් එළියට අවේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමීන් ඇතුළු විපක්‍ෂ දේශපාලනය ය.

කොරෝනා වසංගතය හතර අත පැතිරෙද්දී එසේ දේශපාලන උද්ඝෝෂකයන් රොතුපිටින් වීදි බසිද්දී එය මර්දනය කිරීම සඳහා රජය නිරෝධායන නීතිය යොදා ගන්නට විය.

එම උද්ඝෝෂණවල සිටියෝ ශිෂ්‍ය සංගම් නියෝජිතයන්, ශිෂ්‍ය භික්‍ෂූන් සහ වෘත්තීය සමිති කි‍්‍රයාකාරීහුය. මේ සියල්ලන් තුළම වූයේ නිදහස් අධ්‍යාපනය කෙසේ වෙතත් ඉන් එහාට ගිය දේශපාලන අරමුණුය.

ඒ අනුව රජය එසේ නිරෝධායන නීතිය මගින් එය මර්දනය කරද්දී නිදහස් අධ්‍යාපනය පසෙක තැබූ උද්ඝෝෂකයෝ වසර විසිහතරක් පැවති ගුරු විදුහල්පති වැටුප් විෂමතාවක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වරජනයක් ආරම්භ කළහ.

එහිදී බරපතළම ප‍්‍රහාරය එල්ල වූයේ කොරෝනා වසංගතය හමුවේ පාසල් වැසී යෑමෙන් ඒ වන විට දුරස්ථ අධ්‍යාපනයට සීමා වී සිටි රටේ අනාගත දරු පරපුරය. එහෙත් සටන දේශපාලනික වුවද ගැටලූව සාධාරණ වීම නිසා වර්ජනය දිගින් දිගටම ශක්තිමත් විය.

මේ ගුරු වර්ජනයට නායකත්වය දුන් ඇතැම්හු නාම මාති‍්‍රක ගුරුවරුන් වූහ. ගුරුවරන් වුවද ඔවුන් රටේ දරුවන්ට දුන් අධ්‍යාපනයක් නොවිණි. ඒ ඇතැම්හු එන්ජී ඕ කාක්කෝය. තවත් අය විජාතික කඳවුරේ ඉත්තන් වෙමින් බෙදුම්වාදයට කඬේ ගියෝ වූහ.

රිමි එකෙක් යන රටක මිනිසුන් අසරණ කරන වර්ජන රැල්ල

කොරෝනා හේතුවෙන් රට වැසී ගොස් අදායම් අහිමිව හෙම්බත්ව සිටි රටේ ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනයද අහිමි වෙද්දී වැටුප් විෂමතාවක් මුල්කරගෙන වර්ජනයට එක්වූ ගුරුවරුන්ට දෙන්නට පිළිතුරක් මුලදී ආණ්ඩුවට නොතිබිණි.

එනිසා දරුවෝ පීඩාවටම පත්වූහ. අවසානයේ දින සියයකුත් ඉක්ම යෑමෙන් පසු ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුමක් ලබා දෙමින් තත්ත්වය කළමනාකරණය කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළේය.

කොරෝනා නිසා නිවසේ සිරවුණු රටේ දරුවන්ට අධ්‍යාපනය අහිමි වෙද්දී ආණ්ඩුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලූව ඉදිරියේ කාලය මැරුවේ එසේය. ගෙවී ගිය දෙවසරක කාලය දෙස බැලීමේදී එය වත්මන් රජයේ එක් විශේෂිත ලක්‍ෂණයක් ලෙසින් පෙන්වා දිය හැකිය.

රටේ ජනතා ප‍්‍රශ්න දේශපාලනීකරණය වී හෝ, එසේ නොමැතිව තමන් ඉදිරියට පැමිණීමේදී මුලින්ම ආණ්ඩුව කරනුයේ බීරි අලින්ගේ රංගනය රැඟීමය. එසේ සිටිමින් දිගින් දිගටම මුට්ටි දමා බලා, අවසානයේ බිත්තියට හේත්තු වන තැනට කතාව ළඟා වීමේදී නින්දෙන් ඇහැරුණාක් මෙන් ගැටලූවට විසඳුමක් දීම ආණ්ඩුවේ සාමාන්‍ය ක‍්‍රමය විය.

මේ රටේ ගොවියා වීදි බැස්සවූ රසායනික පොහොර තහනමේදී ද ඒ වැඬේ එසේම සිදු විය. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට සැරසුණු අවස්ථාවේ වරාය සේවකයන් කළ වර්ජනයේදී ද ආණ්ඩුවේ හැසිරුණේ ඒ පරිදිමය.

තවත් එවැනි දේ සිදුවූවා මතකයේ ඇත. එහෙත් කෙරෙන සහ සිදුවන දේවල් ඉදිරියේ අප මෙන්ම අද රටම ඇත්තේ කරකවා අතහැරියාක් වැනි තැනක නිසා ඒවා මොනවාදැයි දැන් එකවරම සිහියට නැඟෙන්නේ නැත.

මේ වර්ජන රැල්ලේ අලූත්ම කතාව බවට දැන් පතව තිබනේනේ සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ සිදුවන වර්ජන යැයි කිවහොත් එය නිවැරදිය. අපේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳව වටේ නොයා කෙළින්ම සටහන් කළහොත් එහි සිටින්නෝ හිත්පිත් නැති වර්ජන කාක්කෝය.

එකී කපුටන්ගේ හොටේ සිරවෙන ගොදුරු බවට පත්ව සිටින්නේ එදා වේල දුකසේ හරි හම්බ කරගෙන ලෙඩට දුකට බෙහෙතක් ගන්නට බොහෝ ගැහැට මැද රෝහලකට පැමිණෙන දුප්පත් අසරණයන්ය.

මේ අසරණයන් ගොදුරට ගත් විට තමන්ගේ ගැටලූවට විසඳුමක් දිය යුතු කෙරුමන්ට කිසිසේත්ම එය නොදැනෙන බව සෞඛ්‍යයේ අයට වැටහෙන්නේ නැත. කෙරුමන්ට අමාරුව දැනෙන්නට නම් සෞඛ්‍යයේ අය කළ යුත්තේ වර්ජන සිදු කරමින් පොදු ජනතාවට ඇති රෝහල් පද්ධතියේ කටයුතු බිඳ වැට්ටවීමද?

නැත. රජයේ සෞඛ්‍ය සේවයේ රාජකාරිවලින් පසු පෞද්ගලික රෝහල්වලට ගොස් කරන සේවය වර්ජනය කර මේ රටේ පෞද්ගලික රෝහල් පද්ධතිය එක දිනකට අඩපණ කරන්නට ඔවුන්ට හැකි නම් එදාට සියලූ ප‍්‍රශ්නවලට ක්‍ෂණික විසඳුම් ලැබෙනු ඇත.

මන්ද කෙරුමන්ට වැඬේ තරම වැටහෙන්නේ එදාටය. එසේ වූයේ නම් සාක්කුවෙන් සල්ලි ලබා දී හෝ ප‍්‍රශ්නය විසඳන්නට රට කරවන කෙරුමන් කටයුතු කරනු ඇත. එහෙත් එවැන්නක් මේ රටේ කිසි දිනෙක සිදු වන්නේ නැත. තීන්දු තීරණ ගත යුතු කෙරුමන්ට රිදවනවාට වඩා සතුටක් දුප්පත් අසරණ ජනතාවට රිදවීමේදී ලබන නිසාදෝ අපේ සෞඛ්‍ය සේවකයෝ හැමදාමත් අසරණයන්ගේ ගෙලම මිරිකමින් සිටින්නාහ.

එවන් වූ බෙලි මිරිකීමක් ඉකුත් දිනවලදීද සිදුවිය. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් සහ තවත් ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් හෙද, අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍යයේ වෘත්තීය සමිති 18 ක් ඉකුත් දිනවල වර්ජනයක නිරත විය.

එහිදී කුසට අහරක් වෙනුවෙන් අත තිබූ සොච්චම ති‍්‍රරෝද රථයකට දී අමාරුවෙන් ලෙඩට ප‍්‍රතිකාරයක් ගන්නට රෝහල්වලට ගිය අසරණයෝ විශාල පිරිසක් ප‍්‍රතිකාර ගත නොහකිව හැ`ඩූ කඳුළින් යුතුව තම දුක පවසන අයුරු මාධ්‍ය වාර්තා කළේය.

එසේ දුක කියන්නට වූ ඇතැමුන් තුළ ඊට යටින් සෞඛ්‍ය වෘත්තිකයන් කෙරෙහි වූ ප‍්‍රබල කෝපයක්ද පවතින අයුරු පැහැදිලිවම දකින්නට තිබුණකි.

සෞඛ්‍ය වර්ජනවලදී අසරණ වූ විට එවන් ප‍්‍රකෝපකාරී බවක් මීට පෙර නම් රටේ ජනතාව වෙතින් ඒ අන්දමට ප‍්‍රකාශිත නොවුණි. එහෙත් දැන් එය සිදු වෙමින් ඇත. ඉන් කියැවෙමින් තිබෙන්නේ කුමක්ද?

නුදුරේදීම ප‍්‍රතිකාර ගැනීමට රෝහලකට යන රටේ අසරණ ජනතාව වර්ජනයක් කි‍්‍රයාත්මකව තිබුණොත් පිළිතුරු දෙන අදහසින් කැත්තක්, පොල්ලක් හෝ ප‍්‍රහාරක දෙයක් ගෙන ඉස්පිරිතාලෙට එන දවස වැඩි ඈතක නැති බව නොවේද?

රුපියල් ලක්‍ෂ ගණනින් වැටුප් ලබන අතරේ සුළු දිය බරටත් රජයට දෙස් තබමින් ඉල්ලීම් දිනා ගැනීමටත් වඩා දේශපාලන අරමුණු වෙනුවෙන් වර්ජන කරන සෞඛ්‍යයේ අයට එය වැටහිය යුතුය. මන්ද එසේ වටහා ගැනීම කාගේ කාගේත් ශරීර සෞඛ්‍යයට හිතකර නිසාය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුමක් ලබා දෙමින් ආණ්ඩුව කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙළ තුළින් රාජ්‍ය සේවයේ ගැටලූ රැසක් නිර්මාණය වී ඇති බව මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද සඳහන් කරන්නකි.

එලෙස පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංඛේත වැඩවර්ජනයක කතාවකුත් කිව්වා අපට මතකය. එහෙත් ඔවුන් එවැන්නක් කියද්දී අපේ සිහියට නම් මුලින්ම ආවේ ‘දී කිරට බළල්ලූත් සාක්‍ෂි’ යැයි ලෙසින් මීට ශතවර්ෂ ගණනාවකට පමණ ඉහතදී අපේ පැරැන්ණෝ කී ප‍්‍රස්ථාව පිරුළ වූහ.

අපේ දොස්තර මහත්වරුන් රෝගීන් රෝහල් අගුපිල්වල කෙඳිරි ගාද්දී ඇතැම් අවස්ථාවල කි‍්‍රයාත්මක කළ වැඩවර්ජනවල සුන්දර අද්දැකීම් සොඳුරු ලෙස මතකයේ රැඳී තිබීම අපිට එසේ කල්පනා වීමට හේතුව විය.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳීම සම්බන්ධයෙන් එවැනි අදහසක් දක්වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ ආණ්ඩුව වහාම කි‍්‍රයත්මක වී රාජ්‍ය සේවයේ වැටුප් සම්න්ධයෙන් නිවැරදි වැඩපිළිවෙළක් සකස් කළ යුතු කාලය පැමිණ තිබෙන්නේ යැයි යන්නය.

අද ආණ්ඩුව රට තුළ රාජ්‍ය සේවයේ වර්ජන රැල්ලක් මතුවන ආකාරයට කි‍්‍රයාත්මක වෙමින් තිබෙන්නේ රාජ්‍ය සේවය බිඳ වට්ටවා පෞද්ගලීකරණය වෙත ගමන් කිරීමේ කුමන්ත‍්‍රණයකට අනුව බවද මේ වන විට තවත් පැත්තකින් රජයට එල්ලවන චෝදනාවක් වී ඇත.

එක් අතකට බලන කල එවැනි චෝදනාවක් මේ ආණ්ඩුවට එල්ල වීමේ ගැටලූවක් ද නැත. කුමන්ත‍්‍රණ කතාව කෙසේ වෙතත් එවැන්නක් සිදුවීමට හැකියාවක් ඇතැයි අපටද නිකමට මෙන් සිතෙන්නේය. එසේ කීමට සිදුව ඇත්තේ අද තමන් කරන්නේ කුමක් දැයි යන්න පිළිබඳ වැටහීමක් ආණ්ඩුවට ඇති බවක් පෙනෙන්නට නැති නිසාය.

ආණ්ඩුවේ එකී දැනුම් තේරුම් නැති ළදරු හැසිරීම හමුවේ පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම දුම්රිය වැඩවර්ජනද කි‍්‍රයාත්මක විය.

එවායින්ද මදි නොකියන්නට බැට කෑවේ දුම්රියේ යෑම නොව, දුම්රියේ එල්ලී පවුලේ පැවත්ම වෙනුවෙන් රැකියාවලට එන රටේ ජනතාවය.

මේ ඇතැම් වර්ජන කි‍්‍රයාත්මක වූයේ දුම්රිය මැදිරිවල තත්ත්වය සහ ධවනයට නුසුදුසුයි යන අමුතු අමුකු කරුණු මුල්කරගනිමිනි. එවැනි තුට්ටු චෙකේ හේතු ගෙන දුම්රිය සේවකයන් වර්ජන කරද්දීත් ඒ ගැටලූවලට වහා විසඳුම් දී ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නට ආණ්ඩුවට නොහැකි විය.

සිදුවූයේ කඹ අදිමින් සිට යාන්තම් මොකක් හෝ පවසා වැඬේ ශේප් කර ගැනීමය.

පසුගිය දිනවල කි‍්‍රයාත්මක වූ විදුලි ඉංජිනේරු අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයද මේ අන්දමට ජනතාවට පීඩා ගෙන දුන් තවත් සිදුවීමකි.

ඉන් එල්ල වූ පීඩනය කොතෙක් ද යත් මේ මොහොත වන විට එකී අකුඉංජිනේරු අකුරට වැඩකිරීමත් සමඟ සිදුවූ විදුලිය බිඳ වැටීමෙන් ආරම්භ වූ තත්ත්වය අද වන විට දිනපතා විදුලිය කපා දමන තැන දක්වාම ගමන් කර අවසන්ව ඇත.

මෙහිදී ඩොලර් නැති නිසා තෙල් නැහැ, වැස්ස නැති නිසා වතුර නැහැ ආදී වශයෙන් ඇතැමුන් නිදහස පිණිස බොහෝ දේ කිව හැකිය. එහෙත් ඇත්ත කතාව වන්නේ විදුලි ඉංජිනේරු අකුරට වැඩකිරීමත් සමඟ අරුම පුදුම ලෙස කැඞී බිඳී ගිය විදුලි උත්පාදන යන්ත‍්‍ර සමඟ සියල්ලේ ආරම්භය සිදුවූවේ යැයි යන්නය.

එම සිදුවීම්වලට වගකිව යුත්තන් කවුරුන්දැයි සිදු කළ විමර්ශන ම`ගින් අනාවරණය වී තිබියදීත් ඒ කිසිවකුටත් එරෙහිව මෙතෙක් ආණ්ඩුව ගත් කිසිදු කි‍්‍රයාමාර්ගයක් නැත.

මේවා දකිද්දී අපට මතුවන බරපතළම ගැටලූව බවට අද පත්ව තිබෙන්නේ ආණ්ඩුව ඒ තරමටම නෝන්ජල්ද යන්නය. එසේ නොවේ නම් බලයට පත්වී දෙවසරක් ගත වෙද්දී රටට බත සපයන ගොවියන්ගේ සිට ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයන්, දුම්රිය නිලධාරීන්, ශිෂ්‍යයන්, වරාය සේවකයන් ආදී ලෙසින් එක දිගට සිදුවන වර්ජන සහ විරෝධතා රැල්ලකින් රටේ ජනතාවට මේ අන්දමට බැට කන්නට සිදුවන්නේද නැත.

ආණ්ඩුව පැමිණ ගෙවී ගොස් ඇත්තේ දෙවසරකි. අද ඉන්ධන නැත. විදුලිය නැත. ගෑස් නැත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් උඩු ගුවනේය. දෛනික රැකියාවෙන් බත සරිකර ගත් පෙදරේරුවන් අනාථ කෙරෙමින් සිමෙන්ති ටිකද නැත. රජයේ තීන්දු තීරණ මුල් කරගෙන ඉහළ ගිය භාණ්ඩ මිල ගණන් යළි කිසිදා අඩුවන්නේද නැත.

එසේ සියල්ල අහිමිව විඳවන අතරේ වර්ජන රැල්ලක තොදුරු බවට පත්ව ලෙඩට බෙහෙතක් නොමැතිව මියැදෙනවා පමණක් නොව සෑම අතින්ම විදුවන්නට රටේ ජනතාවට සිදු වන්නේ නම් පෙර කළ කරුමයක් පටිසන් දෙමින් ඇතැයි සිතා සිත හදාගන්නවා හැරෙන්නට දැන් වෙන කරන්නට දෙයක් ඉතුරු වී නැත.

එහෙත් ජනතාව එසේ සිත් හදා ගත්තද බිඳුණු සිත් යළි කිසි සේත්ම සුවපත් නොවන බව ආණ්ඩුව තරයේ සිහි තබා ගත යුතුය. මන්ද මේ රටේ අනගත දේශපාලනය මඟ තීන්දු කරනුයේ එකී බිඳණු සිත් ඇත්තෝය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment