රියැදුරු කතගේ නින්ද රෝහලෙන් නවතී: කාරය කුඩුපට්ටම් වී දෙදෙනකුට බරපතළයි

440

ඇල්පිටිය සිට පිටිගල දෙසට ධාවනය වූ මෝටර් රථයක් පෙරේදා (25 දා) රාත‍්‍රී කැටන්දොල තේ කම්හල අසලදී ලයිට් කණුවක හැපීමෙන් මෝටර් රථය කුඩුපට්ටම් වී ඇති අතර දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහල වෙත මාරුකර යවා ඇත.

මෙම මෝටර් රථය පැදවූ කාන්තාවට නින්ද යෑම නිසා අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැක කරයි.

තුවාල ලැබූ දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.

නියාගම – වින්සන්ට් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment