හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේගේ බිරි`ද ශ්‍යාබ්දීන් අයේෂාගේ තවත් සොහොයුරකු දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට වරදකරු වී ඉකුත් 2007 වසරේ මැයි මස 29 වැනිදා අධිකරණය මගින් සිර ද`ඩුවම් නියම කර තිබේ.
මොහොමඞ් හනීෂ් නමැති මොහුට කොළඹ අංක 01 මහාධිකරණය මගින් වසර පහළොවක සිර ද`ඩුවමක් නියම කර ඇති අතර ඒ අනුව ඔහු සිරකරු අංක එල්. 17462 යටතේ වැලිකඩ බන්ධනාගාරයේ ර`දවා සිට ඇත.එසේ සිර ද`ඩුවම් වි`දිමින් සිටි ඔහු ඉකුත් 2016 වසරෙදී පමණ ද`ඩුවම නිමා වී
බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇතැයි ස`දහන් වේ.
රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිටියදී පිළිස්සුම් තවාල සහිතව අතවරයටද පත්ව මියගිය ඉෂාලිනී ජූඞ් එහි සේවය කළ කාලයේ බදියුදීන්ගේ බිරි`දගේ සොහොයුරෙකු එම නිවසේ සිටි බවටද ඉකුත් දිනවල තොරතුරු ලැබී තිබිණි.
එසේ බදියුදීන්ගේ නිවසේ සිටියේ දැරියක දූෂණය කිරීමේ සිද්ධියට සිරගතව සිට පැමිණි බදියුදීන් බිරි`දගේ සොහොයුරාමදැයි මෙතෙක් අනාවරණය වී නැත.
මොහු මෙසේ බන්ධනාගාරගතව සිටියදී රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයකුව සිටි අතර එම කාල සීමාව තුළ සිය මස්සිනා ඉක්මනින් නිදහස් කරවා ගැනීම ස`දහා ඔහුගෙන් බන්ධනාගාර බලධාරීන්ට විවිධ බලපෑම් එල්ලවූ බවද ආරංචි මාර්ග ස`දහන් කරයි.
– සමන් ගමගේ
|