මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි බාලවයස්කාර දැරියක මියයෑම හා ඊට පෙර සේවය කළ තරුණියක ¥ෂණය කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරිඳ, ඇගේ සහෝදරයා, ඇගේ පියා හා තැරැුව්කරු අද (26දා) පෙරවරු 10.00 දක්වා එනම් පැය 48 ක කාලයක් රඳවාගෙන විමර්ශන සිදුකිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය පෙරේදා (24දා) පොලිසියට අවසර ලබාදුන්නාය.
රිෂාඞ් බදුර්දීන්ගේ බිරිඳ වන සියාබ්දීන් අයේෂා කිරුළපන පොලිසිය භාරයේත් මොහොමඞ් සියාබ්දීන්, මොහොමඞ් ඉස්මත් හා පොන්නයියා සන්දනම් හෙවත් ශංකර් නමැති සෙසු සැකකරුවන් තිදෙනා බොරැුල්ල පොලිසිය භාරයෙත් රඳවා තබාගැනීමට පොලිසියට අවසර ලබාදුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඔවුන් සිව්දෙනා අද (26දා) පෙරවරු 10.00ට යළි තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළාය.
රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරිඳ පියා සහ ඉෂාලිනි දැරිය සැපයූ තැරැව්කරු අධිකරණයට ගෙන එමින්… – ඡායා – නිශාන් එස්. පි‍්‍රයන්ත
එම සැකකරුවන් සිව්දෙනා පෙරේදා (24දා) දහවල් පොලිස් වෑන් රථයකින් අධිකරණයට රැුගෙන ඒමෙන් අනතුරුව එම වෑන් රථය අධිකරණ භූමිය තුළට ගෙන යෑමට පොලිසිය උත්සාහ දැරූ නමුත් ඒ සඳහා අධිකරණ පොලිස් මුරපළේ රාජකාරි කළ නිලධාරීහු අවසර ලබා නොදුන්හ.
ඉන් අනතුරුව එකී සැකකරුවන්ගේ ඡුායාරූප ගැනීමට හෝ එකී දර්ශන වීඩියෝගත කිරීමට නොහැකි වන ආකාරයෙන් ඔවුන් දැඩි ලෙස ආවරණය කිරීමේ දැඩි ප‍්‍රයත්නයක් එකී නිලධාරීන් දැරූ බව දක්නට ලැබිණි. මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන්ට පැමිණිලි කිරීමෙන් අනතුරුව එකී සැකකරුවන් අධිකරණයෙන් පිටතට රැුගෙන යන අවස්ථාවේදී පෙරමෙන් බාධා නොකිරීමට පොලිස් නිලධාරීහු වගබලා ගත්හ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසිය තුළම රඳවා තබාගනිමින් ප‍්‍රශ්න කිරීමට විමර්ශන නිලධාරීන් කරනා ඉල්ලීම නීතියට පටහැනි ඉල්ලීමක් වන නමුත් තමන් ඒ සම්බන්ධයෙන් විරෝධතාවයක් නොදක්වන බවත් සිය සේවාදායකයන්ට එරෙහිව සාධාරණ ලෙස චෝදනා නැ`ගීම නීතිපතිවරයාගේ වගකීමක් බවත් රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේදී පැවැසීය.
බොරැුල්ල බෞද්ධාලෝක මාවතේ පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය ජූඞ් කුමාර් ඉෂාලිනි දැරියගේ මරණය සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුවී ඇති බැවින් එය සියදිවි හානිකර ගැනීමක්ද නැතහොත් මනුෂ්‍ය ඝාතනයක්ද යන කරුණු අනාවරණය කරගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කොට ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙරේදා (24දා) කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයට පැවසීය.
ආර්ථික අපහසුතාවලින් පෙළෙන ඈත එපිට වතුකරයේ ජීවත්වන දුප්පත් පවුල්වල දරුවන් කොළඹට ගෙනැවිත් ධනපතියන්ගේ හා බලවතුන්ගේ නිවාසවල මෙහෙකාර සේවයට යොදවන සංවිධානාත්මක මිනිස් ජාවාරමක් රට තුළ කි‍්‍රයාත්මක බවත් සැකකාර තැරැුව්කරු එකී මිනිස් ජාවාරමේ කොටස්කරුවකු වන බවත් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය හමුවේ පැවැසීය.
එවැනි මිනිස් ජාවාරම් විශේෂයෙන් බාලවයස්කාර දැරියන් මෙහෙකාර සේවයේ යෙදවීම ඔවුන් ලිංගික ශ‍්‍රමිකයන් බවට පත්කිරීම වැනි අපරාධ මැඬලීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරනු ලබන ව්‍යවස්ථාදායකය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ නිවසක් තුළම එවැනි අපරාධ සිදුවීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් වන බවත් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේදී පැවැසීය.
නිවසේ ගෘහමූලිකයා ලෙස නිවස තුළ සිදුවූ එවැනි අපරාධ සම්බන්ධයෙන් රිෂාඞ් බදුර්දීන් නොදැන සිටීමේ හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන්ද ප‍්‍රකාශ සටහන් කර වැඩිදුර විමර්ශන සිදුකරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවැසීය.
රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ 2015-2019 කාලය අතරතුරදී ඔහුගේ නිල නිවසේ සේවය කළ මේ වන විට 22 වන වියේ පසුවන තරුණියක ඔහුගේ බිරිඳගේ සහෝදරයා විසින් ¥ෂණය කර ඇති බවට සාක්‍ෂියක් ඉදිරිපත් වී ඇති බවත් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවැසීය.
මියගිය දැරිය එම නිවසින් බැහැරව පිහිටි අඩි හයයි හතරේ කාමරයක් තුළ ඉතා අනාරක්‍ෂිතව ජීවත්වී ඇති බවත් එම කාමරයට විදුලි සැපයීම ලබාදී ඇතත් ප‍්‍රමාණවත් එළියක් සහිත විදුලි බල්බයක් හෝ සවිකර නොතිබීම නිසා කාමරය අඩ අඳුරේ තිබී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පැවැසීය.
එම දැරියගේ මව සැකකාර තැරැුව්කරුගෙන් ලබාගත් රුපියල් 30,000 ක ණය මුදලකට හිලව් කිරීම සඳහා ඇය තැරැුව්කරුට භාරදී ඇති බවත් අනාවරණය වී ඇතැයිද එහිදී අධිකරණයට පැවැසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම තැරැුව්කරු විසින්ම එම දැරියට අමතරව තවත් බාලවයස්කාරියන් හා තරුණියන් 10 දෙනකු රිෂාඞ් බදුර්දීන්ගේ පවුලට ලබාදී ඇතැයි පැවැසීය.
ඔවුන් වෙනුවෙන් ගෙවිය යුතු වැටුප් රිෂාඞ් බදුර්දීන් මහතාගේ බිරිඳගේ පියා විසින් එම තැරැව්කරුගේ බැංකු ගිණුමට යොමුකර ඇති බවත් තැරැව්කරු ඉන් කොමිස් මුදලක් තබාගෙන එම පිරිසගේ වැටුප් ගෙවා ඇති බවත් දිලීප පීරිස් මහතා එහිදී අතිරේක මහෙස්ත‍්‍රාත්වරියට පැවැසීය.
එම දැරිය ලිංගික ප‍්‍රවිෂ්ටයන්ට භාජනය වී ඇති බවට අධිකරණ වෛi වාර්තාව අනුව තහවුරුවී ඇති බවත් එහිදී සිදුවූ දැඩි ලිංගික හිරිහැර ඉවසා දරා ගැනීමට නොහැකිව ඇය සියදිවි හානිකරගත් බවට හා ඇය ¥ෂණය කර එම අපරාධය වසන් කිරීම සඳහා ගිනි තබා ඇති බවට මත දෙකක් සමාජය තුළ මතුවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් රටේ දැඩි විරෝධයක් හා මහජන කැළඹීමක් පැනනැ`ගී ඇතැයිද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පැවැසීය.
එබැවින් එකී අපරාධය සහ ඊට පෙර සිදුවී ඇති විවිධ ¥ෂණ කි‍්‍රයා සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් ලෙස විමර්ශනය කිරීම සිදුකළ යුතු බැවින් සැකකරුවන් පොලිසිය භාරයට පත්කරන ලෙසටද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
– ඒ. ජේ. ඒ. අබේනායක