රිෂාඩ්ට රට යන්න අවසර

96

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතාට ඉදිරි මාස තුනක කාලයක් විදේශගතවීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (09 දා) අවසර ලබාදුන්නාය.

ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමට ද නියෝග කළාය. අධිකරණය භාරයේ ඇති සැකකාර මන්තී‍්‍රවරයාගේ විදේශ ගමන් බලපත‍්‍රය ඔහුට තාවකාලිකව මුදාහැරීමට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී වැඩිදුරටත් නියෝග කළාය.

සිය සේවාදායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා මාස තුනක කාලයක් කටාර් රාජ්‍යයට යෑමට අවශ්‍ය බව පෙන්වා දෙමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

නිවසේ සේවය කළ බාලවයස්කාර දැරියක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවකු වන රිෂාඞ් බදුර්දීන් මහතා ඇප මත මුදාහැරීමේදී අධිකරණයේ අවසරය නොමැතිව විදේශගත වීම වළක්වමින් ඇප කොන්දේසියක් පනවා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment