රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදියුදීන් මහතාගේ මාමණ්ඩියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බැවින් ඇප මත මුදාහරින්නැයි කෙරුණු ඉල්ලීමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි ජූඩ් කුමාර් ඉශාලිනි නැමැති දැරියක් පිළිස්සුම් තුවාල සහිතව මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
අදාළ සැකකරු වෙනුවෙන් මෝසමක් මාර්ගයෙන් මෙම ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.
සැකකරුට රෝගී තත්ත්වයක් තිබේනම් රෝහල්ගතකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.