රුක්මණී දේවිය ඉපදුණු නුවරඑළියේ පෙරෙට්ටාසි රෝහල අද ළසෝ ගී ගයයි

416

වසර 11ක් තිස්සේ වසා දමලා වෛද්‍ය උපකරණ රැසක් විනාශ වෙනවා

කොත්මලේ පෙරෙට්ටාසි ගම්මානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැරණි ගම්මානයකි. එපමණක් නොව ඓතිහාසික වැදගත්කමින් යුත් බොහෝ වස්තු සඟවාගත් භූමියකි.

ගමේ වටිනා ගොඩනැඟිලි රැසක් අද නටබුන් වී ඇත. ආර්ථීක වශයෙන් දුර්වල වී සිටින ගම්වාසීන්ට ගම නැවත ගොඩනැඟීමේ ශක්තියක් නොමැත. ගම්වැසියන්ට වෛද්‍ය පහසුකම් සපයමින් තිබුණු එකම රෝහල වසර 11ක් තිස්සේ වසාදමා තිබේ.

රුක්මණී දේවිය ඉපදුණු නුවරඑළියේ පෙරෙට්ටාසි රෝහල අද ළසෝ ගී ගයයි
රුක්මණී දේවිය ඉපදුණු නුවරඑළියේ පෙරෙට්ටාසි රෝහල අද ළසෝ ගී ගයයි

මෙම රෝහල ඓතිහාසික වැදගත්කමක් තිබෙන රෝහලක් බව පෙරෙට්ටාසි ගම්වැසියෝ පෙන්වා දෙති. ලක්මවගේ ගීත කෝකිලාව ලෙස නම්දරා සිටි රුක්මණී දේවී උපත ලැබූවේ මෙම රෝහලේ බව ගම්වැසියෝ කියති. ඔවුහු එලෙස පවසන්නේ මීට කලකට පෙර රෝහලේ පැරැණි ලිපි ලේඛන සෝදිසියකදී රුක්මනි දේවී එහිදී උපත ලැබූ බවට එම ලේඛනයක තිබී හමුවී ඇත. එම රෝහල වසා දමා ජරාවාස වෙන අයුරු මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ නිරීක්‍ෂණයට පසුගියදා භාජනය විය.

රුක්මණී දේවිය ඉපදුණු නුවරඑළියේ පෙරෙට්ටාසි රෝහල අද ළසෝ ගී ගයයි

රෝහල තුළ එදා තිබූ ශල්‍යකර්ම උපකරණ, කතුරු හා වෛද්‍ය මෙවලම්ද විනාශ වන අයුරු ශෝචනීය දසුනකි. එම අවස්ථාවේ ගම්වැසියන්ගේ යෝජනාවක් වූයේ මෙම ඓතිහාසික පසුබිමක් හිමි රෝහලට නව පණක් ලබාදීමෙන් ප්‍රදේශවාසීන්ට මහඟු සේවයක් සිදුකළ හැකි බවකි.

සිරිල් විමලසුරේන්ද්‍ර


advertistmentadvertistment