ශ්‍රී ලංකා නාවික හමුදාව අදඅළුයම යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි හතහාමාරක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 188යි ග්‍රෑම් 350ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සිය භාරයට ගෙන ඇත.
උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම යාත්‍රාව පරීක්‍ෂා කර තිබේ.
එහිදී ගමන් මලු හතක මෙම කේරළ ගංජා තොගය තිබී ඇත.
නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය හා ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.