රුපියල් 1500 ක් දී මරිසිය ඉගෙනගත් මහත්මයෙක්

898

මේ පුද්ගලයා පාරට එන්නේ සවස මිනිසුන් වැඩ ඇරී එළියට එන වේලාවල් වලදීය. තල්ලූ කරගෙන යන්නේ අබලන් පාපැදියකි. පාපැදියේ හැඬලයේ එල්ලෙමින් තිබෙන්නේ ෂොපින් බෑගයකි. එහි හාල් ස්වල්පයක් පොල්ගෙඩියක් පරිප්පු ග‍්‍රෑම් පනහක් හා දෙහිගෙඩියක්, අමු මිරිස් කරල් හත අටක් අඩංගුය. හිටි ගමන් ෂොපින් බෑගයේ අන්ඩ කැඞී පදිකවේදිකාව පුරා බඩු ටික විසිර යන්නේ මහමග යන එන අයගේ සිත් සසල කරවමිනි.

‘රෑට උයන්න ගත්ත බඩු ටික මහත්තයෝ’ අත් දෙකම එකතු කර බිම දිගාවී හාල්, පරිප්පු එක්කාසු කරන ඔහුට අහල පහල අය මුදල් දික්කරන්නේ ඔහු අහිංසක මිනිසෙක් යැයි සිතමිනි.

දිනක් එක්තරා මහත්මයෙක් ද බොරැල්ලේදී මොහුට රුපියල් 500 ක් දික්කළේ ඒ සංවේදී දසුන දුටු පසුවය.

තවත් දිනකදී ඒ මනුස්සයාගේම දුප්පත් බඩු මල්ල දෙමටගොඩදීත් පාර පුරා විසිරී තිබෙනවා දුටු පෙර කී මහත්මයාම මෝටර් රථය නවතා, පසුම්බියෙන් රුපියල් 1000 ක් ඇද ඔහුට දී අවවාදයක් ද කළේය.

‘අන්කල්, මුලින්ම රෙදි බෑග් එකක් ගන්න. බයිසිකලේ එල්ලගෙන යනකොට ඔය ෂොපින් බෑග් ඉරෙනවා.’ එසේ කියූ මහත්මයා යන්නට ගියේ අලූත් බඩු ටික්ක ගන්න යැයි ද කියමිනි.

ඊට ටික දිනකට පසු පෙර කී පුද්ගලයාගේ බඩු මල්ල යළිත් වතාවක් ආමර්වීදියේ බිම විසිරී තිබෙනවා දුටු පෙර කී මහත්මයා ඒ පුද්ගලයා ළඟට ගියේ මේ මනුස්සයාගේ නොසැලකිල්ල ගැන සිතමිනි.

‘සර්….. මේ යකා පල් හොරෙක්. අහුවෙන්න එපා. හාල් පොල්, අමුමිරිස්, පරිප්පු ටිකක් බිම හලාගෙන මේ මනුස්සයා පාරේ යන එන මිනිස්සු රවට්ටලා සල්ලි ගරනවා. අසල සිටි අයකු ඇත්ත හෙළි කළේ ඒ ආකාරයටය.

‘මෙහෙමත් මිනිස්සු’ කියා මෝටර් රථයට ගොඩවී ඒ මහත්මයා ගෙදර ගියේ මරිසිකාරයින්ගේ කෙරුවාව ගැන බොහෝ දේ කල්පනා කරමින්ය.

පේ‍්‍රමා

advertistmentadvertistment
advertistmentadvertistment