ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සැලකිය යුතු ලෙස ශක්තිමත් වෙමින් ඊයේ (10දා) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 1.11 කින් පහත වැටුණි.
මේ අනුව පෙරේදා (09 දා) රු. 300.31 ක්වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (10 දා) දිනයේ දී රු. 299.20 දක්වා අඩුවී ඇත.
එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය ද පෙරේදා (09දා) වාර්තා වූ රු. 291.75 සිට ඊයේ (10දා) දිනයේ දී රු. 290.64 දක්වා පහත වැටී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත