මේ වසරේ (2023) මුල සිට ජනවාරි 20 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 0.3 කින් අතිප්‍රමාණය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වර්තාවක මේ බව දැක්වේ.
අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකකවල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා රුපියල, යුරෝවලට සාපේක්ෂව සියයට 1.5කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.5කින්, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 1.6කින් සහ ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 2.6කින් පිරිහීමට ලක්ව ඇති බව ද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර 2022 දෙසැම්බර් මාසය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඩොලර් මිලියන 274.42 ක් මිලදී ගෙන ඇති අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 170.64 ක් විකුණා ඇති බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් පිරිහීමට ලක්ව තිබුණි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත