රුමටොයිඩ් ආතරයිටිස් සුවයට හෝමියෝපති ප්‍රථිකාර

1655

අද වත්මන් සමාජයේ බොහෝ දෙනකුට ආතරයිටිස්, කොන්ද කැක්කුම, බෙල්ල කැක්කුම, ඇඟිලි කැක්කුම, දණහිස් කැක්කුම, අත්, පාද, ඇඟිලි ඇදගහලා, ඇඟම වේදනාවෙන් හැරෙන්නවත් බැහැ දරාගත නොහැකි වේදනාවෙන් විඳවනවා.කායිකව මෙන්ම මානසිකව දුක්විදිනවා. ලෝකය පුරා මෙවැනි රෝගීන් බොහෝමයක් සැඟවිලා ඉන්නවා. ආතරයිටිස් කියන්නේ සන්ධියක් තුළ ඇතිවන වෙනසක්. ආතරයිටිස් වර්ග ගණනාවක් තිබෙනවා. ඔස්ටියෝ ආතරයිටිස්, රුමටොයිඩ් ආතරයිටිස්, ගවුට් ආතරයිටිස්, සොරයිසිස් ආතරයිටිස් මෙවැනි ආතරයිටිස් වර්ග 100 කට අධික සංඛ්‍යාවක් දක්නට පුළුවන්. රුමටොයිඩ් ආතරයිටිස් කියන්නේ දරුණුම ආතරයිටිස් වර්ගයක්. එය කොහොමද ඇතිවෙන්නේ කියලා බලමු.

 ඕනෑම පුද්ගලයකුගේ ශරීරයේ ජීව ශක්තිය එනම් ප්‍රතිශක්තිකරණය වෙනස් වීම රෝගි තත්ත්වයකට අපිව භාජනය කරනවා. රුමටොයිඩ් ආතරයිටිස් වැළඳෙන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යම් හේතු මත ඇතිවෙන වෙනසත් සමග සන්ධිවලට දැඩි ප්‍රහාරයක් එල්ල කරන විටයි. මෙහිදී එවැනි අයගේ සන්ධි කුහරවල යම් රසායනික ප්‍රතික්‍රියා රැසක් වැළ නොකැඩී සිදුවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම සන්ධි තුළ ලසිකා සෛල නමැති සෛල පාලනයකින් තොරව වර්ධනය වන අතර පටක සමූහයක් එකට එක්වී Pannus නමින් හැඳින්වෙන ගෙඩි වැනි ව්‍යුහයක් එහි හටගන්නවා. එම පන්නසෙන් (Pannus) කාටිලේජ විනාශ කරන එන්සයිම නිපදවන අතර කාටිලේජ් ගෙවීම නිසා අස්ථි කෙළවර එකිනෙක ගැටීම නිසා සන්ධිය චලනය කිරීම අපහසු වී දරාගත නොහැකි වේදනාවන් හටගන්නවා. සන්ධි තදවීමකට ලක්වෙනවා. එම වේදනාව ඔවුන්ට දරාගත නොහැකියි. අස්ථි තදවීම, කාටිලේජ් ගෙවී යෑම නිසා අස්ථි මෙලෙස දිරායෑමෙන් කණ්ඩරා බන්ධනී, මාංශපේශිද දුර්වල වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සන්ධිය දුර්වල වී මදක් පනින්න පවා පුළුවන්.

 සාමාන්‍යයෙන් රුමටොයිඩ් ආතරයිටිස් මැණික් කටුව වැලමිට සන්ධිය, ශ්‍රෝණි දෙපස වූ දණහිස් පාද රෝගාතුර තත්ත්වයකට පත්කරමින් සන්ධි හරහා පැතිර යන්නේ සමමිතික රටාවකටයි. රුමටොයිඩ් ආතරයිටිස් රෝගීන්ගේ 50% කට ඉහළ සංඛ්‍යාවකගේ සම යටින් ගැටිති ඇතිවෙනවා. විශේෂයෙන්ම කිවයුතු කරුණ නම් රුමටොයිඩ් ආතරයිටිස් තත්ත්වය සිරුරේ සන්ධිවලට හා අභ්‍යන්තරික පටක පමණක් නොව සියලුම අවයවවලටද බලපාන රෝගී තත්ත්වයක් වනවා.

 මෙහිදී විශේෂයෙන් රුමටොයිඩ් ආතරයිටිස්

 රෝගීන්ගේ දැකිය හැකි රෝග ලක්ෂණ;

 ★ සන්ධි තුලින් දැනෙන්නාවූ දරුණු වේදනාව.

 ★ සන්ධි ඉදිමීම, රතු පැහැ ගැන්වීම.

 ★ සන්ධි තදවීම, චලනයට අපහසු වීම.

 ★ සන්ධි ක්‍රමයෙන් විකෘති භාවයට පත්වීම.

 ★ අවසානයේ සන්ධිය සවිවීමකට පවා අවස්ථාව උදාවීම.

 ★ උදයට නැඟිටීමට අපහසුතාවය.

 ★ සුළු කාර්යයක් කිරීමේදී පවා වෙහෙසකර බව දැනීම.

 ★ උගුර ආසාදන ඇතිවීම.

 ★ වෛරස් ආසාදන තත්ත්ව ඇතිවීම.

 ★ නිතර උණ ඇතිවීම.

 ★ පෙනහළු, හෘදය, ආහාර මාර්ගය, ස්නායු පද්ධතියට, වකුගඩු, ඇස් වලට මෙන්ම අනෙකුත් අවයවවලට බලපෑම් ඇතිවීම.

 ★ රක්ත හීනතාවය.

 ★ රාත්‍රියට නින්ද නොයෑම.

 සන්ධි රෝග අතරින් රුමටොයිඩ් ආතරයිටිස් ද කියලා

 දැනගැනීමට රෝගී තත්ත්ව පරීක්ෂාවට CT “MRI  කිරණ පරීක්ෂණ, ESR, RH.FACTO රුධිර පරීක්ෂණ, ෑීඍල ඍ්‍යගත්‍්ක්‍ඔධඍ සිදුකරනු ලබනවා.

 හෝමියෝපති ප්‍රතිකාර මගින් සුවයට

 හෝමියෝපති වෛද්‍ය ක්‍රමය මෙවැනි රෝගීන්ට සුවිශේෂී වෛද්‍ය ක්‍රමයක් වනවා. ඒ කෙසේද යත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ අන්තර්ගත වී ඇත්තේම දුර්වල වූ වෙනස් වූ ප්‍රතිශක්තිකරණය උද්දීපනය කර වෙනස් වීම යථා තත්ත්වයට පත්කරලීමයි. මේ සඳහා රෝගියාගේ රෝග ලක්ෂණ අපට සුවිශේෂියි. රෝග ලක්ෂණවලට සමාන වූ ඖෂධ දීම තුළ රෝගයට සමාන ප්‍රතිකාර මගින් රෝගියාගේ සුවපත් වීම සිදුවනවා. එසේ වන්නේ මීට වසර 200කට ඉහත හෝමියෝපති වෛද්‍ය විද්‍යාවේ පියා වන බටහිර වෛද්‍යවරයකු වූ ෆෙඩ්රික් සැමුවෙල් හානෙමාන්තුමා විසින් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස සොයාගන්නා වූ ඖෂධ ක්‍රියාකාරීත්වයේ මූලධර්මවල (similia Similibus Curenter) ප්‍රතිඵලයක් ලෙසයි. මේ මූලධර්මයට අනුව  රෝගියාගේ ශරීරය වෙනස් කළ රසායනික ක්‍රියාවලිය නැවත යථා තත්ත්වයට ගෙන ඒමට ශරීරය තුළ හෝමියෝපති ඖෂධීය ක්‍රියාකාරීත්වය උදව් කරනවා. රෝග මූලය නැති කිරීමට එහිදී ක්‍රම ක්‍රමයෙන් වේදනාව නැතිවීම පටන් ගන්නවා. ඉදිමීම නැතිවෙනවා. විකෘතිතා වෙනස් වෙනවා. තවද ව්‍යුහාත්මක වෙනස ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කෙරෙනවා. තවද වෙනස් වූ රසායනික සංයුතිය නැවත යථා තත්ත්වයට පත් වීම ක්‍රම ක්‍රමයෙන් සිදුවන්නේ කිසිදු වේදනා නාශකයක් රෝගියාට නොදීමෙන් මේ සෑම දෙයක් තුළම රෝගියා දවසින් දවස වේදනාව අඩුවෙමින් සුවපත් භාවයට පත්වෙමිනි. මේ තුළින් රෝගියකුට පූර්ණ සුවයක් ලබාගත හැකි වනු ඇත.

 මෙහිදී රෝගියාද ප්‍රතිකාරය පිළිබඳ විශ්වාසය, රෝගය පිළිබඳ අවබෝධය හා ඉවසිලිමත්භාවයද, ලබා දෙන ඖෂධ නිවැරදි ආකාරයට ගැනීමද, රෝගියා විසින් වෛද්‍ය උපදෙස් මත කළයුතු සත්කාරයද නිවැරදි ලෙස සිදු කිරීම මහත් සේ වැදගත් වනවා.

 පාසල් වයසේ සිටම මහලු වයස දක්වාම මෙම රෝගයට ගොදුරු වන නිසා විශේෂයෙන් වයස අවු:40ට වැඩිනම් ඔවුන්ට කොස්, දෙල්, වම්බටු, මෑ කරල්, කවිපි වැනි ආහාර  ගැනීමෙන් වළකින ලෙසට දැනුවත් කරන්නේ හෝමියෝපති ඖෂධවලට නොව රෝගියාගේ ඉක්මන් පූර්ණ සුවය උදෙසායි.

 කිසිම අතුරු ආබාධයක් නැහැ. පාවිච්චිය හරිම සරලයි. පහසුයි. රුමටොයිඩ් ආතරයිටිස් රෝගය පමණක් නොව ඔබ ශරීරයේ කායිකව ඇතිවන සියලුම රෝගවලට ප්‍රතිකාර කරන්නේ එනම් හතිය, පාකින්සන්, සියලු සන්ධි රෝග, නහර ගැට ගැසීම, කාන්තා රෝග, පුරුෂ රෝග, අමාශගත රෝග, අක්මා, වකුගඩු, හෘද රෝග මෙන්ම, චර්ම රෝග, රූපලාවන්‍ය ඇතුළුව ශරීරයේ සෑම රෝගයකටම මෙන්ම මානසික තත්ත්වයද සැලකිල්ලට ගෙන ප්‍රතිකාර කරනුයේ රෝගයට නොව ප්‍රතිශක්තිය වර්ධනය කිරීමෙන් රෝගියා සුවපත් කිරීම හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ අරමුණ වනු ඇත.

 වැඩි විස්තර සදහා දුරකතන අංකය – 071-8250716 අමතන්න

රුමටොයිඩ් ආතරයිටිස් සුවයට හෝමියෝපති ප්‍රථිකාර



 සංස්කරණය – උපාලි ද සේරම්


advertistmentadvertistment