රුමේනියාවේ රැකියා පෙන්වා ලක්ෂ 300ක් වංචා කළ මාදම්පේ යුවළ මිසින් වෙලා

614

රුමේනියාවේ රට රැකියා දෙනවා කියා පුත්තලම් දිස්ත්‍රික්කය පුරා මුදල් රුපියල් ලක්ෂ 300ක් පමණ වංචා කළ නොරොච්චෝලේ සහ මාදම්පේ පදිංචි ජෝඩුවක් ආගිය අතක් නැතිව අතුරුදන් වි ඇත.

තොඩුවාවල හලාවතල මාදම්පේ වෙන්නප්පුව කටුනේරිය මාරවිල යන ප්‍රදේශ රැසක පිරිමින් හා කාන්තාවන් 25ක් පමණකගේ මුදල් ලක්ෂ ගණනින් වංචා කර සැඟව සිටින යුවළ මාදම්පේ කරුක්ව ප්‍රදේශයේ පදිංචිව සිටි කුලී නිවසද අත හැර පලාගොස් ඇත.

මේ වන විට ලංකාව පුරා පොලිසි 16කට පමණ පැමිණිලි කර ඇතත් කිසිම පොලීසියකින් මෙම යුවළ කොටුකර ගැනීමට අසමත් වී ඇත. මොවුන් මෙම තරුණ තරුණියන්ට ලබා දුන් රිසිට් පත් හා චෙක්පත් වල පිටපත් පොලිසිවලට ලබා දී ඇත.
මාදම්පේ – කමල්ප්‍රියංකර

advertistmentadvertistment
advertistmentadvertistment