පකිස්ථානයේ ප්‍රථම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ජාත්‍යන්තර රුවල් ඔරු පැදීමේ තරගාවලිය සඳහා සහභාගි වීම පිණිස ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා එරට බලා පිටත් වූයේය.
එම කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලේසර් පන්තියේ ක්‍රීඩක එන්.ජී.එම්.යූ.ගුණවර්ධන, ප්‍රියන්ත ගුණවර්ධන, වින්ඩ්සර්ෆින් ආර්.එස්.එක්ස්. පන්තියේ සහ ලේසර් පන්තියේ ක්‍රීඩක තරේන් නානායක්කාර, ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ලේසර් පන්තියේ ක්‍රීඩක ජේ.එම්.පී.එල්. ජයසූරිය සහ ආර්.එස්.එක්ස්.පන්තියේ ක්‍රීඩක ඩබ්ලිව්.ඒ.එස්. වීරතුංග යන ක්‍රීඩකයෝ ඇතුළත් වූහ.
ඔස්ටේ්‍රලියාව, චීනය, මැලේසියාව, ඕමානය, සිංගප්පූරුව ආදී රටවල් 12කින් ක්‍රීඩකයන් සහභාගි වන එම තරගාවලිය සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඡායාරූපයේ දැක්වේ.