රුසියානු – යුක්රේන යුද්ධයෙන් ශ්‍රී ලාංකික 11ක් මියගිහින්!

232

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 11 දෙනකු මියගොස් ඇතැයි දැනට අනාවරණය වී තිබේ.

මෙම යුද්ධයට කුලී හේවායන් ලෙස ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ජාත්‍යන්තර සහ ශ්‍රී ලාංකික තැරැව්කරුවන් පිරිසක් බව ද, ව්‍යාජ පොරොන්දු දී ඔවුන් රුසියානු – යුක්රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් බඳවාගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මේ අතර තවමත් මියගිය සංඛ්‍යාව පිළිබඳව නිශ්චිතවම කරුණු කිව නොහැකි බව ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු ඊයේ පැවැසීය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment