රුසියානු හමුදාවට ඉන්දියාවෙන් මානුෂීය ආධාර

646


ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ සහිත ටොන් තුනක මානුෂීය ආධාර රුසියානු හමුදාව වෙත ඉන්දියාව පරිත්‍යාග කර ඇතැයි ඉන්දියාවේ රුසියානු තානාපති ඩෙනිස් අලිපොව් පවසයි.රුසියානු ඉන්දීය මිත්‍රත්ව සමාජය විසින් මෙම පරිත්‍යාගය සිදුකර ඇත.රුසියාවේ කුර්ස්ක් හි පිහිටි හමුදා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත මෙම පරිත්‍යාගය ලබාදී ඇතැයිද රුසියානු තානාපතිවරයා පවසයි.ඉන්දියාව සහ රුසියාව අතර නොබිදුනු දේශපාලන,ආරක්ෂක,ආර්ථික,විද්‍යා හා තාක්ෂණ,සංස්කෘතික සහයෝගීතාවයක් ඇතැයිද තානාපතිවරයා සඳහන් කරයි..යුක්රේන යුද්ධය හමුවේ ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැනද පැසසුමට ලක්කර ඇත.


advertistmentadvertistment