රුසියානු හමුදාවට යුක්රේනයෙන් අපරාධ චෝදනා 21,000 ක්

192

යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියානු හමුදා විසින් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී ඇති යුද අපරාධ හා විරුද්ධවාදීන්ට එරෙහි අපරාධ ක්‍රියාවන් 21,000කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම අරඹා ඇති බව යුක්රේන රජය විසින් ප්‍රකාශ කර තිබේ.

යුක්රේනයේ නඩු පැවරීමේ කටයුතු සම්බන්ධ ජෙනරාල්වරිය වන අයිරිනා වෙනේඩික්ටෝවා පවසනුයේ රුසියානු හමුදාවන් විසින් සිදු කරනු ලබන යුද අපරාධ ක්‍රියාවන් 200-300 ක් සම්බන්ධ පැමිණිලි දිනකට තමා වෙත ලැබෙන බවයි. මෙම අපරාධ ක්‍රියා සම්බන්ධ නඩු විභාග බොහොමයක් චූදිතයන් රහිතව විභාග කිරීමට සිදුව ඇතත් යුක්තිය ඉටු කිරීම සඳහා ඒවා විභාග කළ යුතුව ඇති බව ඇය සඳහන් කර තිබේ. ඉකුත් පෙබරවාරි මස 24 වැනිදා යුක්රේනය ආක්‍රමණය කිරීම ඇරඹූ රුසියාව මෙම අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment