බූචා නගරයේ සිවිල් වැසියන් 400ක් මැරූ සමූල ඝාතකයා හඳුනාගැනේ
පුටින්ගේ දියණියන් දෙදෙනාට යුරෝපය සම්බාධක පනවයි
රුසියානු හමුදාව බිහිසුණු අපරාධ සිදුකර ඇතැයි යුක්රේන ජනපති සෙලෙන්ස්කි එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය අමතමින් ප‍්‍රකාශ කර ඇත.
අහිංසක සිවිල් වැසියන් ඔවුන්ගේ නිවාසවලදීම මරාදමා තිබුණා, යුද ටැංකිවලට යටකර ඝාතනය කළා, අත් පා කපා දමා තිබුණා, උගුරු කැපුවා, කාන්තාවන් දූෂණය කළා, ළමුන්ද මැරුවා, දිව ඇද කපාදමා තිබුණා යැයි හෙතෙම එම අපරාධ එකිනෙක හෙළි කරමින් කියා සිටියේය.
අන්තර් ජාල සබඳතා ඔස්සේ ඔහු යුක්රේනයේ සිදුවන යුද අපරාධ ගැන සඳහන් කරමින් පැවසූවේ රුසියානු ජනපති පුටින් සහ හමුදාව යුද අපරාධකරුවන් බවයි. මේ අතර යුරෝපා සංගමය රුසියානු ජනපති පුටින්ගේ දියණියන්් වූ කැතරිනා මින්ගොනෝවා සහ මරියා වොරනොට්සෝවාට සම්බාධක පනවා ඇත.
ජී 7 සහ ඇමෙරිකානු රජයද ඊට එක`ග වී ඇත. රුසියාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව 64 වැනි යාන්ත‍්‍රික බළකායේ අණදෙන නිලධාරියා වූ ලූතිනන් කර්නල් අසම්බෙක් ඕට‍්‍රර්බෙකොව් වගකිව යුතු බව සොයාගෙන ඇත. බූචා නගරයේ බලධාරියා ලෙස කටයුතු කළේ ඔහු සහ ඔහුගේ භට සේනාංකය බව හෙළි වී තිබේ.
බටහිර මාධ්‍ය මොහුව හඳුන්වා ඇත්තේ බූචා නගරයේ සමූල ඝාතකයා ලෙසිනි. බූචා නගරය වෙත පැමිණි විදේශ මාධ්‍ය හෙළි කළේ මිකෝලා නමැති සාක්කිකරු එම මිනීමැරුම් දුටු බවයි. වයස 50 ට අඩු සියලූ මිනිසුන් මැරූ රුසියානු හමුදාව ඔවුන්ගේ සිරුරු විනාඩි 20ක් තුළ වළදමන ලෙස මට නියෝග කළා යැයි මිකෝලා හෙළි කර ඇත. බූචා නගරයේ පිරිමින්ගේ සිරුරුවල හමුදා ලාංඡුන පච්චකොටා තිබුණේ නම් ඔවුන්ව මරා දැමුවා යැයි හෙතෙම පළ කළේය. මේ අතර ලූතිනන් කර්නල් ඔට‍්‍රර්බෙකොව්ගේ සෙබළුන් යුද අපරාධ සිදු කිරීම ගැන පරීක්‍ෂණ අරඹා ඇතැයි ජාත්‍යන්තර අධිකරණය හෙළි කළේය.