රුසියානු හමුදා කුලී සෙබළුන් බිල්ලට දෙනවා – යුක්රේනය කියයි

262

රුසියානු හමුදා තමන්ගේ හමුදාවට බඳවාගත් කුලී සොල්දාදුවන් පාවිච්චි කරන්නේ ‘බිල්ලක්’ ලෙස බව යුක්රේන මාධ්‍ය කියයි.

නේපාලය, සෝමාලියාව, ඉන්දියාව මෙන්ම කියුබාවොන් ද මෙලෙස කුලී සොල්දාදුවන් වැඩි වශයෙන් බඳවාගෙන ඇත. ශ්‍රී ලංකාවෙන් රුසියානු හමුදාවට බැඳුණු පිරිස් ගැන මෙරට ආරක්ෂක අමාත්‍යාංශය වෙනම පරීක්ෂණයක් පවත්වයි.

රුසියානු හමුදාවට බැඳුණු නේපාල සොල්දාදුවන් සිය ගණනක් තම හමුදා කඳවුරු අතහැර පලාගොස් තිබේ.

සෝමාලියානුවන් රුසියානු හමුදාවේ සේවයට බැඳී ඇත්තේ මසකට ඩොලර් දෙදහසක වැටුපක් ලබාදෙන බවට වූ පොරොන්දුව මතය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment