රුසියානු හමුදා බලවතා ස්නයිෆර් ප‍්‍රහාරයකින් මරුට

1539

යුක්රේනය ආක‍්‍රමණය කිරීම මෙහෙය වූ රුසියානු හමුදාවේ බලවත් හමුදා ජෙනරාල්වරයා වූ මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රේ සුකොවට්ස්කි යුක්රේන දිගුදුර බලකායේ ස්නයිෆර්කරුවකුගේ ප‍්‍රහාරයෙන් මරුමුවට පත් වී ඇත.

ඔහු මරුමුවට පත්වීම රුසියානු හමුදාවට එල්ල වූ බරපතළ පාඩුවකි. රුසියානු 41 වැනි ඒකාබද්ධ බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ නිලධාරියෙකි. රුසියානු රජය ඔහුගේ මරණය තහවුරු කර නැතත් ජනරාල් ඇන්ඩ්‍රේගේ මිත‍්‍ර හමුදා නිලධාරියකු වූ සර්ජි ඩිප්ලියෝට් ඒ බව සනාථ කර ඇත.

මේ අතර යුක්රේන ආක‍්‍රමණයෙන් රුසියානු භටයන් 900ක් මියගිය බව යුක්රේනය පැවසුවත් රුසියාව සඳහන් කළේ තව භටයන් 498ක් මිය ගොස් 1600ක් දෙනා තුවාල ලැබූ බවයි.

47 හැවිරිදි වියේ පසු වූ මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රේ චෙච්නියානු සහ සිරියානු යුද්ධවලටද සහභාගී වූවෙකි. ක‍්‍රිමියාව අල්ලාගැනීමේ මෙහෙයුමටද සහභාගී වූ ඔහු රුසියාවේ ඉහළම පදක්කම් තුනක් හිමිකරගෙන ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment