කොරෝනා වසංගතය ඇරඹීමෙන් පසු රුසියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පෙරේදා (16 දා) දිනයේ ප‍්‍රථම වරට 1000 ඉක්මවා ගොස් තිබේ. රුසියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඉකුත් සතිය පුරාම වැඩි වෙමින් පැවති අතර මෙම තත්ත්වයට ජනතාවගෙන් බහුතරය කොරෝනා මර්දන එන්නත් ලබා නොගැනීම හේතු වී ඇති බවට රුසියානු රජය විසින් චෝදනා කර තිබේ.
රුසියාවේ ජනතාවගෙන් තුනෙන් දෙකක්ම කොරෝනා මර්දන එන්නත් කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බව පවසමින් එම එන්නත් ලබා ගැනීමට පියවර ගෙන නොමැති බව අනාවරණය වී තිබේ. පෙරේදා දිනයේදී රුසියාවෙන් වාර්තා වී තිබූ මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 33,000 කි. රුසියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දෙලක්ෂ විසිදෙදහසක් (222,000) වන අතර එම සංඛ්‍යාව යුරෝපා රටකින් වාර්තා වී ඇති වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව වේ. කොරෝනා තත්ත්වය දරුණු වුවද ආර්ථිකය ක‍්‍රියාත්මක විය යුතු බව පවසමින් රට තුළ මෙතෙක් සීමාවන් පැනවීමට රුසියානු රජය පියවර ගෙන නොමැත.
|