රුසියාවේ පාසලක වෙඩි ප්‍රහාරයක් එල්ල කළ ඝාතකයා මානසික ලෙඩෙක්

138

මධ්‍යම රුසියාවේ පිහිටි පාසලකට කඩා වැදී එහි සිටි සිසුන් හා ගුරුවරුන් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ තුවක්කුකරු අදාළ පාසලේ ඉගෙනුම ලැබු 34 හැවිරිදි වියෙහි පසු වූ උපාධිධරයෙකු බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රුසියානු රහස් පරීක්ෂක කණ්ඩායම විසින් අනාවරණය කරගෙන තිබේ. සිසුන් 11 දෙනෙකු, ගුරුවරුන් හා ආරක්ෂක නිලධාරීන් ඇතුළු 17 දෙනෙකුට මරු කැඳවමින් හා තවත් 24 දෙනෙකුට තුවාල සිදු කරමින් එල්ල කර ඇති මෙම වෙඩි ප්‍රහාරය සිදු කළ ආටියොම් කසන්ට්සෙව් නමැත්තා මානසික වෛද්‍ය සායනයක ලියාපදිංචි වී සිටින මානසික රෝගියෙකු බවද අනාවරණය වී තිබේ.

ඝාතකයා වෙඩි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු වෙඩි තබාගෙන මියගොස් ඇති අතර ඔහුගේ මෙම ක්‍රියාවට මුල් වූ හේතුව මෙතෙක් හෙළි වී නොමැත. කෙසේ වුවද ඔහු නාසි සංවිධානයේ ලාංඡනය සහිත කළු පැහැති ටී ෂර්ටයක් පැළඳ සිට ඇති බව හෙළි වී තිබේ. මධ්‍යම රුසියාවේ ‘උඩ්මුර්ටියා කලාපයට අයත් ‘ඉසෙව්ස්ක්’ නගරයේ පිහිටි පාසලක සිදු වූ මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත වුවන් 24 දෙනාගෙන් 22 දෙනෙකුම පාසල් සිසුන් බව හෙළි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment