රුසියාව ඩොලර් මිලියන 32ක් වටිනා ඇමරිකානු රියර් ඩ්‍රෝන් යානාව වෙඩි තබා විනාශ කෙරේ

271

ජනපති බයිඩන් ආරක්‍ෂක මණ්ඩලය කැඳවයි

මිසයිල සහ බෝම්බවලින් සමන්විත ඇමරිකානු අධිතාක්‍ෂණික රියර් ඩ්‍රෝන් යානාව රුසියානු එස් යූ 27 ප්‍රහාරක යානාවක් විසින් කළු මුහුදේ අහස් කලාපය තුළ දී වෙඩි තබා මුහුදට හෙළා ඇත.

මේ සිද්ධිය සැලවූ විගස ඇමරිකානු ජනපති ජෝබයිඩන් ප්‍රමුඛ ආරක්‍ෂක මණ්ඩලය රැස්වී ගතයුතු පියවර ගැන හදිසි සාකච්ඡාවක් පවත්වා තිබේ. ඩොලර් මිලියන 32ක් වටිනා මෙම යානාව ප්‍රහාර එල්ල වන අවස්ථාවේ විමර්ශන කටයුතුවල යෙදී තිබේ.

යුරෝපයේ ඇමරිකානු කඳවුරක සිට ඩ්‍රෝන් යානාව ගුවන්ගත වී ඇත. රාත්තල් 17000 ක පුපුරණ ද්‍රව්‍ය ගෙන යා හැකි රියර් යානාව කළු මුහුදු කලාපයට ඇතුළුවීම ප්‍රකෝපකාරී ක්‍රියාවක් බව රුසියානු තානාපති ඇන්ටනෝලි ඇන්ටනෝව් පැවසීය.

මෙම සිද්ධිය ඇමරිකානු රුසියා ගැටුමකට මුල පිරීමක් යැයි යුරෝපා රටවල් කියා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment