රුසියාව යුක්‍රේනයට යැව්වේ අතරමැදි බැලිස්ටික් මිසයිලයක් – පුටින්

323

රුසියාව විසින් තම රට වෙත ප්‍රබල අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයකින් පහර දුන් බව යුක්‍රේනය විසින් නිවේදනය කර තිබුණද රුසියාව විසින් යුක්‍රේනය වෙත යොමු කරනු ලැබුවේ හයිපර් සොනික් අතරමැදි පරාස බැලිස්ටික් මිසයිලයක් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබේ. රුසියානු රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් සිදු කරමින් ජනාධිපති පුටින් පවසා ඇත්තේ මාස 33ක කාලයක් මුළුල්ලේ පවතින රුසියානු – යුක්‍රේන යුද්ධය තවත් දිග්ගස්සමින් ඇමෙරිකාව හා එංගලන්තය විසින් යුක්‍රේනය වෙත සපයන ලද බටහිර අවි ආයුධ රුසියානු කලාපය වෙත යොමු කිරීමට ප්‍රතිචාරයක් වශයෙන් රුසියානු මෙම බැලිස්ටික් මිසයිලය යොමු කළ බවයි.

අදාළ බැලිස්ටික් මිසයිලය පෙරේදා (21දා) යුක්‍රේනයේ ඩ්නිප්රෝ නගරය වෙත යොමු කළ බව පුටින් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.


advertistmentadvertistment