රු. කෝටි තුනක් වටිනා මුහුදු කූඩැල්ලන් හා මුහුදු ආහාර මෙරටට පැටවූ ජාවාරමා තමිල්නාඩුවේදී කොටු

97

රුපියල් කෝටි තුනක් පමණ වටිනා මුහුදු කූඩැල්ලන් හා මුහුදු ආහාර කිලෝ ග්‍රෑම් 1025 ක් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සූදානම් වූ මන්නාරමේ වැසියෙකු තමිල්නාඩු පොලිසිය විසින් 1 දා අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙම මුහුදු කූඩැල්ලන් හා මුහුදු ආහාර තොගය බෝට්ටුවකට පැටවීම සඳහා රැගෙන ගිය අවස්ථාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමග සිටි තවත් එක් සැකකරුවකු ලොරියෙන් බැස දුව ගොස් තිබේ.

මීට දින දෙකකට පෙර රුපියල් කෝටි සීයක් වටිනා මුහුදු කූඩැල්ලන් හා මුහුදු ආහර තොගයක් සමග මන්නාරමේ වැසියන් දෙදෙනකු ඉන්දියාවේ රාමනාතපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වී තිබිණි.

සැකකරු හා මුහුදු කූඩැලන් තොගය නාගපට්ටන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment