රු. 142,000 මුදල් සහ බැංකු කාඩ් ඇතුළු වටිනා ලියකියවිලි රැසක් අහුලා භාරදුන් පො.කො. චාමිලා

1867

බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රධාන මාර්ගයේ මහමඟ වැටී තිබූ රුපියල් එක්ලක්ෂ හතළිස් දෙදහස් තුන්සිය හැත්තෑවක මුදලක් සමග ජංගම දුරකථන දෙකක් ඇතුලු බැංකු කාඩ්පතක්, හැඳුනුම්පතක් සහ රියදුරු බලපත්‍රයක් අහුලාගත් පොලිස් කාන්තාවක් නැවත එහි හිමිකරු සොයා භාරදීම බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාලිංග ජයසිංහ මහතා ඉදිරියේදී බණ්ඩාරවෙල පොලිස් ස්ථානයේදී ඊයේ (28 දා) සිදු කෙරිණි.

බණ්ඩාරවෙල පොලිසියට අනුයුක්තව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සේවයේ නියුතු අංක 14, වැලිපැන්න, මකුල්ඇල්ල, බණ්ඩාරවෙල ලිපිනයේ පදිංචි කා.පො.කො. (6761) චාමිලා නමැති පොලිස් නිලධාරිනිය විසින් මෙම මුදල පාරේ වැටී තිබියදී අහුලාගෙන අයිතිකරු සොයා භාරදී තිබේ. බණ්ඩාරවෙල පොලිසිය විසින් මේ පිළිබඳව සොයා බලා මෙහි හිමිකරු සොයා මෙම මුදල් සහ දේපළ භාරදී තිබේ. මෙවැනි පොලිස් නිලධාරීන්, පොලිස් දෙපාර්තමේන්තුවට ගෞරවයක් බවත් මෙවන් නිලධාරීන් ඇගයීමට ලක්කළ යුතු බවත්, බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී කාලිංග ජයසිංහ මහතා පවසයි. සැබවින්ම මෙම කාන්තා පොලිස් නිලධාරිනිය පොලිස් දෙපාර්තමේන්තුවට මෙන්ම අප රටටද අභිමානයකි.

කරුණාරත්න පල්ලේගම – බණ්ඩාරවෙල

advertistmentadvertistment
advertistmentadvertistment