පුතේ දුවේ මම ආවා…!
අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් නිත්‍යානුකූල බලයක් නොමැතිව සන්තකයේ තබාගැනීමේ වරදට බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් උදයන්ති රණසිංහ මහත්මිය ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (31දා) නියෝග කළේය.
පූර්වගාමි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා විසින් පසුගිය 27 වැනිදා නියම කළ එකී සිරදඬුවම ඇතුළු දණ්ඩන නියෝගයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනු කර ඇති ප්රතිශෝධන අභියාචනාවට යටත්ව ඇය ඇප මත මුදාහරින ලෙසට කළ ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රුපියල් 50,000 ක මුදල් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ශෂී වීරවංශ මහත්මියව මුදාහැරීමට නියෝග කළේය.
ඇයව වරදකාරිය කර ඇත්තේ බරපතළ ගණයට වැටෙන වරදකට නොවන බවත් පෙර වැරදි හෝ පවතින නඩු කිසිවක් නොමැති තැනැත්තියක වන ඇය සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසත් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දීර්ඝ ලෙස කරුණු දක්වමින් විරුද්ධත්වය දැක්වීය.
ඒ. ජේ. ඒ. අබේනායක
- පින්තුරය – සමන් රණවීර