රූමත් කතක් අලවතුගොඩ වෙල්යායක මඩේ ඔබා ඝාතනය කරලා – සැමියා හා සෙබළෙක් කොටුවෙති

1098

අලවතුගොඩ ප්‍රදේශයේ දී ඉකුත් දහවැනි දා රාත්‍රී කාලයේදී කාන්තාවක් වෙල්යායක මඩේ ඔබා හිරකර ඝාතනය කර තිබිණි. එම ඝාතනයෙන් මියගොස් තිබුණේ අලවතුගොඩ ඇල්ල කඩේ හන්දියේ කුඩා සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය ධනුෂිකා මධුවන්ති නමැත්තියකි.

ඇය වයස අවුරුදු විසි හයක් වන විවාහක කාන්තාවකි. ඇයගේ ස්වාමියා වන සත්සර කුම්කුම ඉලංගරත්න නිශ්චිත ආදායමක් නොලැබූ නිතර බීමතින් හැසිරෙන පුද්ගලයෙකු බව ප්‍රදේශවාසීහු පවසති. ඔහු එදින රාත්‍රියේ මළ ගෙදරකට ගොස් නැවත පැමිණි අවස්ථාවේ සිය බිරිඳ නිවසේ නැති බව දැක පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වීමේ දී මරණයට සම්බන්ධ බවට සැකපිට යුද හමුදා සෙබළෙක් ද අත්අඩංගුවට ගෙන තිබිණි. ඇයගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය 12දා පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබූ අතර සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීම ද සිදුකිරීමට නියමිතව තිබිණි.
සමන්ති වීරසේකර මහනුවර


advertistmentadvertistment