රෙද්ද බැනියම පාර්ලිමේන්තුවේ මූලාසනයට ගෙන ආ පොදු ජනතාවගේ මන්ත‍්‍රීවරයා

269

හිටපු උප කථානායක හා 1956 – මහනුවර පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා 1970 – 1977 හේවාහැට ආසනයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අධිනීතිඥ පියසේන තෙන්නකෝන් මහතාගේ 40 වන ගුණානුස්මරණය නිමිත්තෙනි.

පියසේන තෙන්නකෝන් ළදරුවා සබරගමු පළාතේ රුවන්වැල්ල ග‍්‍රාමයට නුදුරු ගලපිටමඩ නම් ගමෙහි 1917 දී උපත ලැබීය. මොහුගේ පියා වූයේ එවකට ගලපිටමඩ තැපැල් ස්ථානාධිපති මුදලිහාමි තෙන්නකෝන් මහතාය. ගලපිටමඩ ග‍්‍රාමීය පාසලෙන් ඉගෙනීම ආරම්භ කළ මොහු 1927 පවත්වන ලද ලංකාවෙහිම ගම්බද ශිෂ්‍යයන් පස් දෙනකු පමණක් ඉංග‍්‍රීසි අධ්‍යාපනය සඳහා තේරීමට පවත්වනු ලැබූ ‘‘ඩැන්හැම්’’ ශිෂ්‍යත්ව විභාගයෙන් පළමු පස් දෙනා අතරට තේරීපත්වී කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වීමේ වරම් ලබා ගන්නට හැකි විය. මෙහිදී 1931 ආනන්ද විදුහලේ පවත්වන්නට යෙදුණු ශිෂ්‍යත්ව විභාගයෙන් ද ප‍්‍රමුඛයා හැටියට සමත් සමත් වීමේ ප‍්‍රතිඵලයක් ලෙස ‘‘කේ‍්‍රම්බි‍්‍රජ් ජුනියර්’’ හා ‘‘කේ‍්‍රම්බි‍්‍රජ් සීනියර්’’ යන විභාගවලින්ද ගෞරව සහිතව සමත්වීමට හැකි විය.

එනිසා ඔහුට 1936 දී රජයේ සේවයට ඇතුළුවීමට අවස්ථාව උදා විය. ඒ අතරතුර පවත්වන ලද ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ‘‘ඉන්ටර් ආර්ට්ස්’’ විභාගයෙන් ද සමත් වීම නිසා 1941 පවත්වන්නට යෙදුණු ආදායම් පාලක නිලධාරී තේරීමේ විභාගයට ද පෙනී සිටි අතර එයින් ද ප‍්‍රමුඛයා ලෙස සමත් වීමට ඔහුට හැකි විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඔහුගේ හෘදයට කිට්ටු ගම්බද ජනතාවට සේවය කිරීමට අවස්ථාව උදාවිය. එයින් ප‍්‍රයෝජන ගත් ඔහු තමන් සේවය කරන ප‍්‍රදේශවල ජනතාවගේ නියම හිතමිතුරු අයෙකු ලෙස රාජකාරි කරන්නට ලැබීම ඉතා භාග්‍යයක් කොට සැලකීය.

1941 සිට ආදායම් පාලක නිලධාරිවරුන් පත් කිරීමේ ප‍්‍රතිපත්තිය උඩ පළමුවරට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ හිරියාල හත්පත්තුව මහනුවර හා පාත හේවාහැට ප‍්‍රදේශයේ හා අවසන් වරට රත්නපුර දිස්ත‍්‍රික්කයේ කොළොන්න කෝරලයේ ද රජයේ ආදායම් පාලක නිලධාරී වරයෙකු ලෙස (DRO) 1952 දක්වා සේවය කළේ ය.

පොදු ජනතාවට හිතකාමී ලෙස සේවය කිරීමට යෑමේදී මොහුගේ ජනප‍්‍රියතාවය නිසාම එවකට පැවති රජය විසින් කිහිප පොළකට ම ස්ථාන මාරු කරන ලදී. මෙයින් පැහැදිලි වූයේ තම කැමැත්තට අනුව අවංක මහජන සේවයක් කිරීමට ඉඩ ප‍්‍රස්ථාවක් නොලැබෙන බවයි. එම නිසා ඔහුගේ විශ‍්‍රාම අයිතිය පවා ඉවත දමා (ඒ වන විට එකල මූලික වැටුප රුපියල් 640/=කි) රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස් වී මෙරට ආර්ථික හා දේශපාලන බංකොලොත්භාවය කරා ගෙන යෑමට තැත් කරන එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව දේශපාලන රණබිමට ඉදිරිපත් විය. මේ සඳහා පිටිවහලක් ලෙස නීතිය හැදෑරීමට ද පටන් ගත්තේය. 1956 වන විට අධිනීතිඥවරයෙකු ලෙස පළමු පෙල ගෞරව සම්මාන සාමාර්ථයක් ද ලබමින් සමත් වීමට හැකි විය.

මොහුගේ ප‍්‍රථම දේශපාලන ආගමනය වූයේ 1952 දී පැවති මැතිවරණයේදී ගලහ ආසනයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමයි. මෙම අවස්ථාවේදී ස්වාධීන අපේක්ෂකයෙකු වුවද සෑහෙන ඡුන්ද සංඛ්‍යාවක් ගනිමින් ප‍්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට තරගයක් දීමට ඔහුට හැකි විය.

පක්ෂනායක S.W.R.D. බණ්ඩාරණායක මහතා තමන්ගේ අත්අකුරින්ම ලියන ලද ලිපියකින් කළ ආරාධනය අනුව මොහු ශ‍්‍රී. ල. නි. ප අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය.

මෙයින් පසුව දිගටම ජනතාවට සමීපව කටයුතු කිරීම නිසා, 1954 ඔක්තෝම්බර් මස පවත්වන්නට යෙදුණ මහනුවර ඡුන්ද කොට්ඨාසය සඳහා වූ අතුරු මැතිවරණයේදී එය ශ‍්‍රීලනිපය මුහුණ දුන් පළමු අතුරු මැතිවරණයේදී මොහු ඉදිරිපත් විය. මෙයට හේතුව වූයේ 1952 දී තේරී පත්වූ ඊ. එල් සේනානායක මහතාට ඡුන්ද පෙත්සමකින් ආසනය අහිමි වීමයි. එසේම මෙම අවස්ථාවට තරග කිරීමට කලින් අපේක්ෂිකාවක් වූ තමරා කුමාරි ඉලංගරත්න මැතිණිය අකමැතිවීම අනෙක් හේතුවයි. මෙම අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව තරග කිරීමට සිටි අනිත් අපේක්ෂකයෝ මොහුට සහායක් වශයෙන් තම අපේක්ෂකත්වයන් ඉල්ලා අස්කර ගත්හ. එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළේ එහි පතාක යෝධයකු වු මහනුවර නගරාධිපති ප්‍රෙඞී ඊ ද සිල්වා මහතාය. මෙම අතුරු මැතිවරණ තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ජය ගත හැකි වූයේ වැඩි ඡුන්ද 399 කිනි. 1960 දක්වා වන කාලය තුළ මහනුවර හා සෙංකඩගල යන ආසන දෙකම පැවතියේ එකම ආසනයක් ලෙසයි. එම නිසා විශේෂයෙන්ම මේ ප‍්‍රදේශ දෙකේම සංවර්ධන කටයුතු සිදු කිරීමට හැකි විය. ඒ අනුව මහනුවර ජල යෝජනා ක‍්‍රමය, මහනුවර පොදු වෙළඳ සල පිහිටුවීමට කටයුතු කිරීම, (මෙය බණ්ඩාරනායක අගමැතිතුමා මිය යාමට දින තුනකට පෙර ඔහු විසින් 23.09.1959 දින විවෘත කරන ලදී.) වටපුළුව නිවාස යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීම, මහනුවර හා අරුප්පොළ කාර්මික විද්‍යාලය පිහිටුවීම, මහනුවර ජනතාව වෙනුවෙන් අක්කර 700 ක් රජයට පවරා ගැනීම, මහනුවර මහ රෝහල අංග අංගසම්පූර්ණ රෝහලක් බවට පත් කිරීම, ආදිය ඔහු විසින් මූලිකව සිදු කළ කටයුතු කීපයකි.

එසේ ම 1956 මහජන එක්සත් පෙරමුණු රජයේ ජනතාවාදී වැඩපිළිවෙළවල් ක‍්‍රියාත්මක කිරීම සඳහා එම රජයේ සිටි ප‍්‍රගතිශීලී කණ්ඩායම නියෝජනය කරමින් පිලිප් ගුණවර්ධන හා විලියම් සිල්වා යන ඇමතිවරුන් සමග සහ මෛත‍්‍රීපාල සේනානායක, ටී.බී. ඉලංගරත්න යන ඇමතිවරුන් සමගත් එකතුව ප‍්‍රගතිශීලී පියවරවල් උදෙසා ක‍්‍රියා කළේය. මෙම පාලන කාලය තුළ හත් වන ලෝක තරුණ උළෙලේ විධිවිධාන සකස් කිරීම සඳහා ජිනීවාහි පැවැත්වෙන අන්තර්ජාතික විධායක මණ්ඩල රැුස්වීමට ලංකාවේ නියෝජිතයා වශයෙන් සහභාගි විය. 1958 මහජන චීනය බලා ගිය පාර්ලිමේන්තු නියෝජිත පිරිසේ නායකයා වශයෙන් ක‍්‍රියා කළ අතර චීන අගමැති චෞ එන්ලායි සමග කළ සාකච්ඡා මෙහෙයවීය.

1965 දක්වා හේවාහැට ආසනය නියෝජනය කළ ටී. බී. ඉලංගරත්න මහතා කොලොන්නාව අතුරු මැතිවරණය සඳහා ඉදිරිපත් වීම නිසා 1967 න් පසු සෙංකඩගල ආසනය ට අමතරව හේවාහැට ආසනයේ ද සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන ලදී. 1967 ඔක්තෝම්බර් මාසයේ දී මහනුවර දිස්ත‍්‍රික් සංවිධානය විධිමත් කිරීමට එවකට පක්ෂ නායක සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් මොහු පත් කෙරුණි. 1970 මහ මැතිවරණයේදී හේවාහැට ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට පක්ෂය තීරණය කළේය. එයට හේතුව වූයේ මොහු ආදායම් පාලක වරයෙකු ලෙස (DRO) හේවාහැට ප‍්‍රදේශයට ඉමහත් සේවාවක් කර තිබූ නිසා එම ප‍්‍රදේශයේ ජනතාව අතර තිබූ ජනප‍්‍රියතාවයි. 1970 මැතිවරණයෙන් එම ආසනය ජයගත් අතර 1977 දක්වා හේවාහැට මන්ත‍්‍රී වශයෙන් එම ප‍්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් සිදු කළේය.

මොහු විසින් සිදුකරන ලද අවංක සේවය මහනුවර සෙංකඩගල හේවාහැට ජනතාව විසින් ඉමහත් ඇගයීමට ලක් කරන ලදී. ඊට හේතු වූයේ මොහුගේ අවංක හා නිහතමානී සේවයයි. කිසිම අවස්ථාවක කිසිදු දෝෂාරෝපණයට ලක් නොවූ ඔහු 1977 දී පරාජයේ දී පවා එක්සත් ජාතික පක්ෂ ක‍්‍රියාකාරීන් මොහුට ඉමහත් ගෞරවයක් දක්වන ලද අතර, 1977 කුප‍්‍රකට මැතිවරණ හිංසා සමයේදී කිසිදු දේශපාලන හිංසාවකට ලක් නොවීය.

දියණිය – සුජාතා තෙන්නකෝන් හේමසිරි
48 ශ‍්‍රී ධම්මදස්ස මාවත මහනුවර

advertistmentadvertistment
advertistmentadvertistment