කටුනායක ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ. පී. එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවූ, ගුවන් තැපැල් පාර්සල් 07ක් 21දා රාත්‍රි විවෘත කර, පරීක්‍ෂා කළ රේගු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්, ඒවා තුළ තිබී රුපියල් අට කෝටි පනස් ලක්‍ෂයක් පමණ වටිනා විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පාර්සල් ඇමරිකාව, එංගලන්තය, කැනඩාව යන රටවල සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබිණි.
දීර්ඝ කාලයක් මෙම පාර්සල් භාර ගැනීමට හිමිකරුවන් පැමිණ නොසිටි අතර, ඒවායේ සඳහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේදී ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වී තිබිණි.
මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 07යි ග්‍රෑම් 21ක්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 143ක් සහ මැන්ඩි නමැති රසායනික මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 338ක් ද තිබී ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
කටුනායක – ටී. කේ. ජී. කපිල