යූරෝ කුසලාන පාපන්දු අවසන් 16 දෙනාගේ වටයේ තවත් තරග දෙකක් ඊයේ (28 වැනිදා* පැවැත්විණි. එ් අනුව එහිදී බෙල්ජියම් කණ්ඩායම විසින් වත්මන් යූරෝ ශූරයන් වන පෘතුගාල කණ්ඩායම ගොල් 1-0ක් ලෙසත් චෙක් රාජ්‍ය කණ්ඩායම විසින් නෙදර්ලන්ත කණ්ඩායම ගෝල 2-0ක් ලෙසත් පරාජයට පත් කිරීමට සමත්විය.
කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් යුත් පෘතුගාල කණ්ඩායම පරාජයට පත් කිරීමට බෙල්ජියම සමත්වීම මත යූරෝ කුසලානය පිළිබඳ බලාපොරොත්තු ඉවත්කර ගැනීමට පෘතුගාලයට සිදුවිය. මෙම තරගයේදී යම් හෙයකින් රොනාල්ඩෝ විසින් ගෝලයක් වාර්තා කළේ නම් වැඩිම ජාත්‍යන්තර ගෝල වාර්තා කළ කී‍්‍රඩකයා බවට පත්වන්නට කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝට අවස්ථාව තිබිණි.
නෙදර්ලන්ත කණ්ඩායම මූලික වටයේදී ‘සී’ කාණ්ඩයෙන් අපරාජිතව අවසන් 16 දෙනාගේ වටයට පිවසීමට සමත්විය. චෙක් රාජ්‍ය කණ්ඩායම මූලික වටයේදී ‘ඞී’ කාණ්ඩයෙන් දෙවැනි
ස්ථානයට පත්වෙමින් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට සමත්විය. එ් අනුව 16 දෙනාගේ වටයේදී නෙදර්ලන්තය පරාජයට පත් කරමින් අවසන් 08 දෙනාගේ වටයට පිවිසීමට චෙක් රාජ්‍ය කණ්ඩායම සමත්විය.
|