රෝග රැසකට අත වනන තරබාරුව පාලනයට චීන කටු ප්‍රතිකාර

72

බඩ පොඩ්ඩක් වැඩියි. වයසට යනකොට ඔහොම තමයි… කෑම ටිකක් අඩු කරලා බලන්න ඕනේ… යැයි උදරය ඉදිරියට නෙරා ඇති මැදිවියට පත්වෙමින් සිටින පුද්ගලයෝ පවසති. මෙය තම සිරුරේ තරබාරු බවේ ලක්ෂණයක් යැයි කිසිවිටෙකත් නොසිතති. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඔවුන් තම සිරුරේ දේහ ස්කන්ධ අගය (BMI‍) පරීක්ෂා කිරීම සඳහා මනිනු ලබන ඉනේ වට ප්‍රමාණය ලෙස සිතනුයේ තම ඇඳුම් අඳින ඉන පෙදෙස ලෙස වීමය. එනිසා ඉනෙහි වට ප්‍රමාණය කිසිදු වෙනසක් නැතැයි පවසමින් තම සිරුර මහත්වී නැතැයි කියා සිතති. නමුත් දේහ ස්කන්ධ අගය පරීක්ෂා කිරීමේදී ඉන් සලකනුයේ උදරයේ නාඹිය ප්‍රදේශයේ වට ප්‍රමාණයය. එනිසා තම උදරය ඉදිරියට නෙරා ඇත්නම් තම සිරුරේ බර වැඩිවී ඇති බව වටහා ගත යුතුය. සිරුරේ බර වැඩිවීමේදී උදරය ඉදිරියට නෙරා ඒමට අමතරව කාන්තාවන්ගේ නම් පියයුරු විශාල වීම සහ එල්ලා වැටීම, මුහුණේ කම්මුල්වල මාංශ පේශි එල්ලා වැටීම, බෙල්ල ප්‍රදේශයේ මාංශ පේශි විශාල වීම, කලවා ප්‍රදේශයේ මාංශ පේශී විශාලවීම, සමේ පැහැය අඩුවීම ආදී ලක්ෂණ දැකිය හැකිය.

රෝග රැසකට අත වනන තරබාරුව පාලනයට චීන කටු ප්‍රතිකාර

තරබාරුවට බලපාන හේතු

තරබාරුවීමට බලපාන ප්‍රධාන හේතු අතර අධික පිෂ්ඨය සහිත සහ මේදය අධික ආහාර නිතර නිතර ගැනීම, කය වෙහෙසවන්නේ නැතිව සහ ව්‍යායාම වලින් තොර අලස දිවියක් ගතකිරීම, සිරුරේ හෝමෝන අසමතුලිතතාවය, කිසියම් රෝගයක් සඳහා දිගු කාලයක් තිස්සේ ගනු ලබන ඖෂධ නිසා ඉන් ඇතිවූ අතුරු ආබාධයක් ලෙස, තම පරම්පරාවට ඇතිවන තරබාරු හෙවත් ආරෙට යන තරබාරුව ද බලපායි.

තරබාරුව නිසා ඇතිවන රෝග

තරබාරුව නිසා කායික මෙන්ම මානසික පීඩාවට පත්වේ. අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ, ලිංගික දුබලතා, පිළිකා රෝග, හුස්ම ගැනීමේ අපහසුතාව, චර්ම රෝග සහ සමේ පැහැය අඩුවීම ප්‍රධාන වශයෙන් දැකිය හැකි රෝගවේ.

තරබාරුවට චීන කටු ප්‍රතිකාර

වසර 5000ක පමණ ඉතිහාසයක් ඇති චීන කටු ප්‍රතිකාර ක්‍රමයේදී තරබාරුවට හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ සිරුරේ ඉන් සහ යැන් හි මතුව ඇති අසමතුලිතතාවයක් බවය. මේ සඳහා සිරුරේ ඇති විශේෂ නිල ස්ථාන තෙරපුමට ලක් කරමින් එම අසමතුලිතතාවය නැති කරනු ලබයි. ඒ අනුව තරබාරුවට බලපා ඇති අධික ලෙස සිරුරේ තැන්පත්ව ඇති මේද කොටස් දහනය කරනු ලබයි. එහිදී කර්ණ තෙරපුම මගින් අධික ආහාර රුචිය පාලනය කරනු ලැබේ. දහදිය දැමීම ඇති කරවමින් මේද කොටස් දහනය කරනු ලබයි. මුහුණේ, පියයුරුවල, උදරයේ ආදී සියලු ස්ථානවල අධිකව තැන්පත්ව ඇති මේද කොටස් දහනය සඳහා කටුචිකිත්සා ප්‍රතිකාර කරනු ලබයි. ඒ සඳහා රන්, රිදී, තඹ ආදී චීනකටු භාවිතා කරමින් බාහිරින් දිනකට පැයක පමණ කාලයක් නිල තෙරපුමට ලක්කරනු ලබයි. (Local point needle therapy). ඖෂධීය තෙල් වර්ග භාවිතා කරමින් සිදුකරන සම්බාහනය සහ තෙරපුම (Acupuncture therapy), විද්‍යුත් උත්තේජක උපකරණ භාවිතා කරමින් සිදුකරන නිල තෙරපුම (Electric Stimulator), සමේ පැහැය යළි වර්ධනය කිරීම සඳහා විශේෂ ප්‍රතිකාර (Cosmetic apperater) ආදිය මගින් තරබාරුව අඩු කිරීමට පියවර ගනු ලැබේ.

තරබාරුව පාලනය සඳහා චීන කටු ප්‍රතිකාර ක්‍රමයේදී සිරුරේ උද්දීපනය කරන නිල ස්ථාන කිහිපයක් ඇත. ඉන් කිහිපයක් වනුයේ Tanshu (ST-25), Shenmen (H-7), Qihai (REN-6), Zusanli (ST-36), Tiangmen (ST-21) ,REN-12,GB-21 යන නිල ස්ථානයන්ය. මෙම නිල ස්ථාන දිනකට පැයක් පමණ බැගින් තෙරපුමට ලක් කරමින් ප්‍රතිකාර කිරීම මගින් සති 10ත් 15ත් අතර කාලයකදී සිරුරේ මතුව ඇති තරබාරුව පාලනය කළ හැකිය. මෙම ප්‍රතිකාර ක්‍රමය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ද පිළිගෙන ඇත. එසේම පානය කිරීම සඳහා කිසිදු ඖෂධ වර්ගයක් ලබා නොදෙන නිසා අතුරු ආබාධ ද ඇති නොවේ.

ප්‍රතිකාර ලබාගන්නා කාලය තුළ මස් වර්ග අනුභව කිරීම නතර කිරීම වඩාත් සුදුසුය. එළවළු වර්ග වැඩි පුර ආහාරයට ගැනීම කළ යුතුය. දිනපතා නිසි ලෙස ජලය පානය කළ යුතුය.
වැඩිදුර තොරතුරු සඳහා දුරකථන අංක 0714299777 ඇමැතිය හැකිය.

රෝග රැසකට අත වනන තරබාරුව පාලනයට චීන කටු ප්‍රතිකාර

කළුබෝවිල ද සිල්වා පාර ජය සමගි මාවත කළුබෝවිල චීන කටු
වෛද්‍ය සායනයේ අධ්‍යක්‍ෂ සහ වෛකල්පිත ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ
වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය


advertistmentadvertistment