රෝහල්වල විශේෂඥ වෛද්‍ය හිඟය මවා පෑමක් – වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන

195

රට පුරා රෝහල්වල පවතින බව කියන විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය ‘මවා පෑමක්’ බව රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංසදයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට ඊයේ (22 දා) පැවසීය.

රට තුළ විශේෂඥ වෛද්‍යවරුන් විසිපන්දහසක් සේවයේ යෙදී සිටියත් ඔවුන් පෞද්ගලික සේවාවන්ට වැඩි අවධානයක් යොමු කිරීම නිසා මෙලෙස රෝහල් තුළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අඩුවක් ඇතිවී තිබෙන බවට හෙතෙම චෝදනා කළේය.

හැට පැනපු වෛද්‍යවරුන් තමන්ට හැටතුනක් සේවය කරන්න ඉඩදෙන්න කියලා කරන ව්‍යාපෘතියේ එක කොටසක් තමයි වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති බව පෙන්වීම. අපි සංගමයක් ලෙස රජයට යෝජනා කරනවා වෛද්‍යවරුන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට හැටතුන දක්වා සේවා දිගු ලබාදෙන්න කියලා. හැබැයි ඔවුන් දුෂ්කර පළාත්වල රෝහල්වල සේවය කළ යුතුයි. රජය පවතින තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කරනවා නම් මේ කියන විශේෂඥ වෛද්‍යවරුන්ගේ ව්‍යාජ අඩුව මග හැරෙයි යැයිද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර


advertistmentadvertistment