පවතින තත්ත්වය හමුවේ දිවයිනේ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදහසකට අධික පිරිසකට කොවිඞ් ආසාදනය වී ඇතැයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමිපාණෙ ‘දිවයින’ ට ඊයේ (11 වැනිදා) පැවසූහ.
මෙම තත්ත්වය තුළ රෝහල් වැඩ කටයුතුවලටද බාධා එල්ලවෙමින් පවතින බව උන්වහන්සේ කීහ. මෙහිදී තවදුරටත් කතාකළ උන්වහන්සේ මෙසේද කීහ.
‘‘රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයන් ලංකාවේ 50,000 කට වැඩි පිරිසක් දිවයින පුරා රෝහල් තුළ සේවය කරනවා. මේ අයගෙන් 2000 කට වැඩි පිරිසක් කොවිඞ් ආසාදිතයන් බවට පත්වෙලා. රජය මේ සේවකයන් සඳහා හදිසි ප‍්‍රතිපාදන වෙන්කරලා නෑ. සෞඛ්‍යාරක්‍ෂිත ඇඳුම් කට්ටල නිසියාකාරව ලබා දෙන්නේ නෑ.
රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයන් 15,000 ක හිඟයක් තියෙනවා. එතකොට ස්ථිර නොකරපු කනිෂ්ඨ කාර්ය සහායකයන් 2500 ක් ඉන්නවා.
ඒ වගේම ජාතික රෝහලේ තත්ත්වය ගැනත් කියන්න ඕන. ඒ රෝහලේ කනිෂ්ඨ කාර්ය සහායකයන්, හෙද නිලධාරීන් ඇතුළු 700 කට වැඩි පිරිසක් ආසාදිතයන් බවට පත්වෙලා.
මේ රෝහල් කාර්ය මණ්ඩලය ආරක්ෂා කරගන්න ඕන කියලා රජයේ බලධාරීන්ට කිසිම උවමනාවක් නැහැ. සංවේදී හදවතක් නැති මේ ආණ්ඩුව ගැන කනගාටු වෙනවා.’’
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ මාතලේ – නිමල් ගුණතිලක