ලංකාවට එද්දී ඇමරිකාවේ පාලමක ගැටුණු නැවේ විෂ ද්‍රව්‍ය බහාලුම් 56ක්

499

ඇමෙරිකාවේ බැල්ටිමෝර්හි පාලමක ගැටී අනතුරට පත් ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ නෞකාව තුළ විෂ ද්‍රව්‍ය රැගත් බහාලුම් 56ක් තිබී ඇති බව අනාවරණය වී තිබේ.

ඇමරිකානු මාධ්‍ය පෙන්වා ඇති අන්දමට මෙහි තිබී ඇති අපද්‍රව්‍ය තොගයේ බර ටොන් 746කි. අනතුර සිදුවූ අවස්ථාවේදී අදාළ බහාලුම්වලින් 14 ක් ගංගාවට ඇද වැටී තිබේ. අඩි 984 ක් දිගින් යුතු එම නෞකාව තුළ ටොන් 746ක් බරැති, විඛාදන, ගිනි ගන්නා සුළු, සංකීර්ණ ද්‍රව්‍ය සහ ප්‍රවාහනයේදී සැලකිලිමත්විය යුතු පුපුරන ද්‍රව්‍ය, ලිතියම් අයන් බැටරි ද තිබී ඇතැයි සඳහන්ය. නෞකාව මත අනෙක් බහාලුම් 4,644 ක් ද තිබී ඇත.

පසුගිය 26 වැනිදා සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයෝ හයදෙනෙක් මරණයට පත්වූහ.

චතුර පමුණුව


advertistmentadvertistment