ලංකාවෙත් තියෙන බැක්ටීරියාවක්; රටින් එනවා කියා කාබනික පොහොරට බයවීම

189

* වීසා නැතුව එන්න හැදූ කවුද මේ ‘අර්වීනියා’

 * ලොව පුරා තිබෙන බැක්ටීරියාවක්

 * හොඳම විසඳුම දේශීයව පොහොර සාදාගැනීමයි

 ඊසානදිග මෝසම සක‍්‍රිය වෙමින් රජරට කලාපය තෙතබරිත කර මහ කන්නය ආරම්භ වන්නට තව ඇත්තේ දින කීපයක් පමණි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ආහාර නිෂ්පාදන බිම්කඩ වන වියලි කලාපය මෙම වැසි සත්කාරයත් සමග නිපදවන්නේ සුළුපටු ආහාර ප‍්‍රමාණයක් නොවේ. වැස්සේ තරම කෙතරම්දැයි කියනවානම්, වැඩි පිරිසකට වර්ෂාපෝෂිත ගොවිතැනක් කරගන්නට මේ වැසිපතනය සරිලනවා පමණක් නොව ඊළඟ යල කන්නයේ ප‍්‍රයෝජනයට ගැනීම සඳහා වැව් කීපයකට වතුර පුරවා තබන්නටත් මේ වැහිවලාකුළු ප‍්‍රමාණවත්වේ. වැඩ පටන් ගන්නට ගොවියා සිරිත් පරිදි සූදානම් වුවත්, පුංචි කනස්සල්ලක් ඔහුගේ සිත තුළ අවදිවෙමින් තිබෙන බව නොරහසකි. පසුගිය වගා කන්නයේදීත් ලාවට දැනුණු පොහොර හිඟය වඩාත් තීව‍්‍ර ලෙස මතුවෙයිදෝ යන්න ගැන ඔහුට සැක පහළවී තිබේ. රසායනික පොහොර මෙවර මහ කන්නය වෙනුවෙන් ආනයනය නොකරන බවත්, ගොවිතැන් කටයුතු කාබනික පොහොර භාවිතයෙන් කරගත යුතු බවටත්, සෑහෙන කලකට පෙර සිටම රජය මගින් දැනුම්දී තිබිණ. එපමණකින් නොනැවතුණු බලධාරීන් කාබනික පොහොර නිපදවීම ප‍්‍රාදේශීය මට්ටමෙන් පවා දිරිගැන්වීම උදෙසා විවිධ පියවරයන්ද යෝජනා කරන ලදී. මේ අතරින් තම වගාවට අවශ්‍ය කාබනික පොහොර ප‍්‍රමාණය නිපදවා ගන්නන් වෙත දෙන්නට යෝජිත මූල්‍ය දීමනාවද ප‍්‍රධාන තැනක් ගනී. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පාංශු විද්‍යාඥයින් විසින් විවිධ බෝග කාණ්ඩ උදෙසා කාබනික පොහොර යෙදිය යුතු ප‍්‍රමාණයන් හා කාල පරාසයන් පිළිබඳව නිර්දේශයන්ද කඩිමුඩියේම සාදා අවසන් කෙරින.

ලංකාවෙත් තියෙන බැක්ටීරියාවක්; රටින් එනවා කියා කාබනික පොහොරට බයවීම

හතර අතින් ඇසෙන ආරංචි අනුව පෙනෙන්නේ බලාපොරොත්තු වූවාටත් වඩා ගොවි ජනතාවක් කාබනික පොහොර නිපදවීමේ රජයේ යෝජනාවට අනුගතව වැඩ අරඹා ඇති බවයි. කෙටි දැනුම්දීමක් මත එක කන්නයක් ඇතුළතදී මෙතරම් ඉදිරියට පැමිණියානම් එය හොඳ ප‍්‍රවණතාවයකි. අගය තවත් වැඩිවන්නේ වසංගත බිය, සංචරණ සීමා, ආර්ථික අපහසුතා වැනි ජන ජීවිතය ආපසු හරවන කරුණු කාරණා බොහොමයක් අතරතුරදී මෙවන් ප‍්‍රගතියක් අත්කර ගැනීම නිසාය. කෙසේ වෙතත් යම් තරමින් හෝ පෝෂණ ඌණතාවයක් බෝගවලට දැනී, රටේ සමස්ත නිෂ්පාදනයේ යම් කඩා වැටීමක් සිදුවුවහොත් සමාජයට සිදුවන අපහසුතාවය එසෙ ්මෙසේ එකක් නොවන බව කලින්ම අවබෝධ කරගත් රජය, කාබනික ස්වභාවයක් ඇති පොහොර වර්ග ආනයනය කර ගොවීන්ගේ නිෂ්පාදනය ඌනපූරණය කිරීමටත් මේ වනවිට පියවර ගනිමින් සිටී. ක‍්‍රියාවලිය වෙත එල්ලවෙන විවිධාකාර විවේචනයන් තවත් උග‍්‍ර වන්නට පටන් ගත්තේ මෙම තීරණයත් සමගය. විද්‍යාත්මක අර්ථ දැක්වීමට අනුව කාබනික පොහොර යනුවෙන් හඳුන්වන්නේ කිසියම් ශාක හෝ සත්ත්ව කොටසක් අඩ වශයෙන් ජීර්ණය වී සෑදෙන ද්‍රව්‍යයකි. එය මූලද්‍රව්‍ය සංකලනය කරමින් කර්මාන්ත ශාලාවක නිපදවන දෙයක් වන්නේ නැත. යූරියා කාබනික සංයෝගයක් වුවත් කාබනික පොහොරක් නොවන්නේ එබැවිනි. එය කාබනික සංයෝගයක් වන්නේ නයිට‍්‍රජන්, ඔක්සිජන් හා හයිඩ‍්‍රජන් යන මූල ද්‍රව්‍ය සමග කාබන් ද එකතුවී සෑදී තිබෙන නිසාය. එහෙත් එය කාබනික පොහොරක් නොවන්නේ ශාක හෝ සත්ත්ව සම්භවයක් හරහා යූරියා නිෂ්පාදනයක් නොකෙරෙන බැවිනි.

 පිටරටකින් මදිපාඩුව රැුගෙන එන ආරංචිය කනවැකුණු ජනතාව කඩිගුලක් සේ ඇවිස්සුනේ කාබනික පොහොර හරහා වෙනත් රටවල වෙසෙන අහිත කර ක්ෂුද්‍රජීවීන්ගේ ආගමනයක් මෙරටට සිදුවේය යන භීතිය හේතුවෙනි. චීනයේදී කිසියම් ආකාරයකට නිදහස ලැබූ කොවිඞ් – 19 වෛරසය හරහා බැටකෑ ජනතාවක් එවන් ප‍්‍රතිචාරයක් දැක්වීම ගැනද පුදුම වියයුතු නැත. තවත් රටකදී අහිංසකයෙක් ලෙස සිටිනා ක්ෂුද්‍රජීවියෙක් වුවත්, මෙරටට පැමිණි පසු හානිකර තත්ත්වයට පත්වීමට ඇති හැකියාව විද්‍යාත්මකව පවා පිළිගත යුත්තකි. නව පරිසරය ඔහුගේ පැවැත්මට වඩාත් සුවදායක වූ විටදී මෙය සිදුවන්නේය. එක රටකදී අහිංසකයින් තවත් රටකදී චෞරයින් වන්නේ මෙලෙසය. ඒ නිසා පිටරටින් එන යමක චෞරයින් සිටීදැයි සොයාබැලීම පමණක් ප‍්‍රමාණවත් නොවන අතර කළ යුත්තේ කුමන හෝ ක්ෂුද්‍රජීවියෙක් සිටීදැයි විමසා බැලීමයි. කිසිදු ක්ෂුද්‍ර ප‍්‍රාණියෙකුට ‘වීසා’ ලබාදීමට රටවල් ඉදිරිපත් නොවන්නේ මේ හේතුවෙන්ය. ක්ෂුද්‍රජීවීන් සිටිය හැකි යැයි අනුමාන කරන පස්, පිදුරු කොහුබත් වැනි ඇසුරුම් ද්‍රව්‍ය වැනි දෑ පවා රටකින් රටකට රැුගෙන යා නොහැක්කේ මේ නිසාය. ශ‍්‍රී ලංකාවද ජාත්‍යන්තර ශාක ආරක්ෂණ සම්මුතියට අත්සන් තැබූ රටකි. දැනට රටවල් 184 ක් එකඟවී ඇති, 1952 අපේ‍්‍රල් 03 වෙනිදා සිට බලගැන්වුණු මෙම සම්මුතියට ඇතුළත්ව සිටින නිසා අප කටයුතු කළ යුත්තේද එහි නිර්ණායකයන්ට අවනතව බව සියලූ දෙනා අවබෝධ කරගත යුතුව ඇත.

 අනුගමනය කළ යුතු පිළිවෙත් තේරුම් ගැනීමට අප විසින් අපනයනය කරනු ලබන ‘කොහුබත්’ ඇසුරෙන් කළ නිෂ්පාදනයන් වෙතට පනවා ඇති දැඩි නිෂ්පාදන නීතිරීති හොඳ උදාහරණයක් සපයයි. ඒවා මුළුමනින්ම ජීවානුහරණ තත්ත්වයන් යටතේ අපනයනය කළ යුතුවේ. කොතැනක හෝ සිටින ආගන්තුක ක්ෂුද්‍රජීවියෙක් නොසැලකිල්ලෙන් තම රට තුළට කැන්දාගෙන අමාරුවේ නොවැටෙන්නට ආනයනකරුවෝ ඉතා සැලකිල්ලෙන් වගබලා ගනිති. අපගේ උදවියත් ඉල්ලන විදියට සැපයුම දෙන්නට අවනත වෙමින්, තමා නිපදවන දේ රට පටවන්නේ මේ හේතුවෙන්ය. මෙරට පරිසරයේ ආරක්ෂාව හා යහපැවැත්ම උදෙසා කාබනික පොහොර ආනයනයේදීත් අප අනුගමනය කළ යුත්තේ මෙවන් ප‍්‍රතිපත්තියමක්ය. රජය විසින් දැනටමත් ප‍්‍රකාශයට පත්කර ඇත්තේ ආනයනය කරනු ලබන කාබනික පොහොර රට තුළට නිකුත් කිරීමට පෙර එහි ප‍්‍රමිතිය පිළිබඳව මෙරට ක‍්‍රියාත්මක පිළිගත් ආයතන හරහා පරීක්ෂා කරන බවයි. එසේනම් අනවශ්‍ය ලෙසින් කළබල විය යුතු නොවේ. චීනයේ කසළ තොග මෙරටට ගොඩබානවා යයි හඬ තලන කම්පනයන්ද අප විසින් ගෙඩිය පිටින්ම අවශෝෂණය කරගත යුතුද නොවේ. මෙම සාම්පල පරීක්ෂා කරනු ලබන්නේ කාගේ හෝ අනිසි උවමනාවකට අවනත වෙන තනි පුද්ගලයෙක් විසින් නොව, විද්‍යාඥයින් ප‍්‍රමුඛ කාර්ය මණ්ඩලයක් යටතේ ක‍්‍රියාත්මක වන රාජ්‍ය ආයතන ව්‍යුහයක් තුළයි. ඔවුන් විසින් නිකුත් කරනු ලබන වාර්තා සමාජය විසින් පිළිගත යුතුය. ඒ හැරෙන්නට මේ වෙලාවේ අප සතුව වෙනත් විකල්පයක් නොමැත.

 මෙරටට ගෙන්වන ලද පළමු කාබනික පොහොර සාම්පල කීපයක් බලධාරීන්ගේද මැදිහත්වීමෙන් පරීක්ෂා කිරීම සඳහා අදාළ අංශයන් වෙත යොමුකළ බවට වාර්තා පළවුණි. කෘෂිකර්ම අමාත්‍යවරයා පසුව ප‍්‍රකාශකර සිටියේ එම සාම්පලයක ‘අර්වීනියා’ යන බැක්ටීරියාව හමුවී ඇති බවයි. අර්වින් ෆින්ක් ස්මිත් නමැති ශාක ව්‍යාධි විද්‍යාඥයා වෙනුවෙන් මෙම බැක්ටීරියාව නම්කර තිබේ. අර්වීනියා යනු පසෙහි හමුවෙන ව්‍යාධිජනක බැක්ටීරියාවකි. මෙවන් වාර්තාවක් නිකුත්වීම හරහා පැහැදිලි වන්නේ කාබනික පොහොර තොග රට තුළට නිදහස් කිරීමට පෙර සිදුවිය යුතු දෑ නිවැරදිව සිදුවෙන බව නොවේද? රට වෙනුවෙන් බලධාරීන් කළ යුත්තේද එය නොවේද? අර්වීනියා හමුවීම කලින්ම අප වෙත දැල්වූ රතු එළියක්ද? මේ පිළිබඳව අප ගැඹුරින් සාකච්ඡුා කළ යුතුවේ.

 අර්වීනියා විශේෂ ගණනාවක් ලොව පුරා විසිරී පවතී. ඇතැම් විශේෂයන් ලංකාවේ පසෙහිද සිටින්නේය. කැරට්, ගෝවා වැනි එළවළු බෝගවලටත්, දැනට ප‍්‍රචලිතව වගා කරන කෝමාරිකා වලටත් ‘මෘදු කුණුවීම’ වැනි රෝග ඇති කරන්නේ මෙම බැක්ටීරියාව මගිනි. එහෙනම් ඉතින් ආවත් මොකෝ කියා හිත සනසා ගැනීමට නොවෙයි මේ ලියන්නේ. කෝමාරිකා වලට ලෙඩ හදන්නේ අර්වීනියා ක‍්‍රිසැන්තෙමි (Ervinia chrysanthemi) නමින් හඳුන්වන විශේෂයයි. එහි නම පවා දැනට වෙනස් වී මේ වනවිට ශාක ව්‍යාධි විද්‍යාඥයින් අතර භාවිතා වන්නේ ඩික්කෙයා ක‍්‍රිසැන්තෙමි (Dickeya chrysanthemi) යන ද්විපද නාමයයි. රටින් ආවේ කුමන අර්වීනියා දැයි තවම කවුරුවත් දන්නේ නැත. පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබෙන්නේ අර්වීනියා විශේෂයක් තිබේය යන්න පමණකි. හරියටම කවුදැයි ප‍්‍රකාශ කරන්නට මෙතෙක් සිදුකර ඇති ආකාරයේ සරල පරීක්ෂණයකින් නොහැකි වනවා පමණක් නොව ඒ සඳහා වැඩි කාලයක්ද ගතවේ. එසේනම් මේ වනවිට ඉතුරුවී තිබෙන්නේ සැක සහිත තත්ත්වයක් පමණි.

 ”ඔබට සැකයක් ඇත්නම්, ළඟට නොගන්න.” (If you are in doubt” keep it out) කටුනායක ශාක නිරෝධායන සේවයේ හිටපු ප‍්‍රධානී යහජීව ද සිල්වා මහතා තම සේවා කාලය තුළදී නිතර සිහිතබාගත් එම යෙදුම මා හට මතක් කර දුන්නේ වටිනා ආරක්ෂක පිළිවෙතක් ඒ තුළ ගැබ්ව ඇති බව සඳහන් කරමිනි. අර්වීනියා විශේෂය ගැනද දැනට ඇත්තේ සැකයකි. මෙරට නොතිබෙන ආගන්තුක අර්වීනියාවෙක් නම් එයාගේ හැසිරීම කෙසේ සිදුවේදැයි අප නොදන්නා නිසා ලොකු අනතුරකට වැඩි ඉඩකඩක් තිබේ. අර්වීනියා සිටින පරිද්දෙන් අපට වසන්වෙමින් තව කවුරු කවුරුන් පොහොර මල්ල තුළ සිටිනවාදැයි දන්නේද නැත. කෙටියෙන් කියනවානම් මල්ලේ අන්තර්ගතය ජීවානුහරණය වී නැත. ඒ නිසා කුමන හෝ ක්ෂුද්‍රජීවියෙක් සිටීනම් තොගයම බැහැර කළ යුතුවේ. මේ පාරට විතරයි කියා ෂේප් වන්නට කාටවත් බැරිය. මෙය වනාහී අදට විතරක් එතනින් කෑවා කියා කොරෝනා ලේබල් ඇලවූ ගෙදරකට රිංගා කෑම වේලක් කනවා වැනි භයානක තත්ත්වයකි. මෙවැනි බරපතළ වරදක් එකපාරක් කිරීම හොඳටම ප‍්‍රමාණවත්ය. ඇතැම්විට සියවස් ගණනකටවත් ප‍්‍රතිකර්මයක් සොයා ගන්නට ලැබෙන්නේ නැත. කොරෝනා වෛරසයම මෙයට හොඳ උදාහරණයකි. කොරෝනා යන නම එයට ලැබී තිබෙන්නේ ඒවා වටකුරු හැඩයෙන් යුත් අංශු විශේෂයක් නිසාය. සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි සරල වෛරස් රෝගයක් සාදන කොරෝනාගේ සිට භයානක රෝග සාදන්නන්ද මේ කණ්ඩායම තුළ සිටී. හෙම්බිරිස්සාව හදන කොරෝනා අතීතයේ සිට මෙහි සිටියත් කොවිඞ් – 19 නමැති නවකයා මෙරටට ආගන්තුකයෙකි. ඒ නිසා බලධාරීන් එම ආගමනය සුළුකොට තැකුවේ නැත. කාබනික පොහොර උරයට බැස මෙරටට ගොඩබැසි අර්වීනියා විශේෂයද, අපි දන්නා හඳුනනම අපේම කෙනෙක් කියා පවසන්නට, පසුව නිකුත්විය හැකි වාර්තා පෙන්වමින් ඉදිරිපත් නොවන ලෙසට ඊනියා විද්වතුන්ගෙන් අප ඉල්ලා සිටිමු. බලධාරීන් පවා නොදැනුවත්වම නොමග යන්නේ මෙවැනි ගොඩවෙදුන්ගේ අවස්ථාවාදී කොඩිවින හේතුවෙනි. කටයුතු කළ යුත්තේ ප‍්‍රවේශමෙන්ය. රැුගෙන එන කාබනික පොහොර තොග ජීවානුහරණ තත්ත්වයෙන් ලබාගැනීම මෙහිදී ගත හැකි පළමු ආරක්ෂිත පියවරයි. එහි වගකීම පැවරිය යුතුවන්නේ එතර සිටින අපනයනකරුවන්ටය. මන්දයත් රැුගෙන ආවාට පසුව නැව් පිටින් පොහොර තොග ජීවානුහරණය කිරීම අපට ප‍්‍රායෝගික නොවන බැවිනි. ජීවානුහරණය කළ බවට පිළිගත් සහතිකයක් සමග පැමිණෙන්නේ නම් සාම්පල පරීක්ෂාවකින් එහි සත්‍යතාවය පරීක්ෂා කිරීම නම් මෙරට බලධාරීන්ගේ වගකීමකි. නිෂ්පාදන ක‍්‍රියාවලිය තුළදී ඉහළ උෂ්ණත්වයකට තොගය පිටින්ම රත්කර ජීවීන් නසන බව නිෂ්පාදකයින් පමණක් නොව ඔවුන් වෙනුවෙන් කඬේයන ඊනියා දේශීය උගතුන්ද ප‍්‍රකාශ නිකුත් කරන ආකාරය මේ දිනවල ඉඳහිට අසන්නට ලැබේ. රජයේ පාර්ශවයට අප පෙන්වා දෙන්නේ එවන් වැඩි උෂ්ණත්වයකට රත්කළ පසු ක්ෂුද්‍රජීවීන් පමණක් නොව මෙහි ඇති පෝෂක පදාර්ථයන්ද විනාශ වී යන බවයි. එසේනම් කිරිපිටි හදන විට විනාශ වන ප්‍රෝටීන වෙනුවට තවත් ප්‍රෝටීන් පිටතින් එකතු කරනවා සේ ජීවානුහරණය කළ කාබනික රොඞ්ඩට’ පෝෂක එකතු කිරීමද පසුව සිදුකරනවාද? එසේනම් ඒ දමන්නේත් කාබනික සම්භවයක් තිබෙන පෝෂකද? මේ ගැනත් මැදිහත්ව විමසා බැලිය යුතුව ඇත.

 රසායනික පොහොර යොදා ගොවිතැන් කරනවා වෙනුවට අපගේ වගාබිම්වලට කාබනික සාත්තුවක් දෙන්නට බලධාරීන් සත්භාවයෙන් තීරණය කරනු ලැබුවේ, රසායනික පොහොර හරහා පසට පැමිණෙන ¥ෂක ද්‍රව්‍යයන්ගෙන් පරිසරය රැුකගැනීමේ පියවරක් වශයෙනි. මෙසේ පැමිණෙනි‘වසවිස’ අතර ප‍්‍රධාන තැනක් ගන්නේ බැරලෝහ බවටද ප‍්‍රකාශ වී තිබේ. ඊයම්, තඹ, කැඞ්මියම් වැනි බැරලෝහ කාබනික පොහොර තුළටද මිශ‍්‍රවීමේ හොඳ හැකියාවක් තිබෙන බවද මේ සමගම අප තේරුම්ගත යුතුය. පිටරටින් ගෙනෙන ඒවා පමණක් නොව මෙරට සාදන කාබනික පොහොර තුළ වුවද මේ තත්ත්වය ඇතිවිය හැකිය. කසළ කළමනාකරණයෙන් කාබනික පොහොර සෑදීමේදී බැටරි, අබලන් වූ කුඩා ඉලෙක්ට්‍රොනික උපාංග යනාදිය කසළ සමග මිශ‍්‍රව පවතින්නේනම් හා ඒවා නිසිලෙස ඉවත් නොකරන්නේ නම්, සාදන පොහොර තොගය දූෂණය වීම වැළැක්විය නොහැක්කකි. එසේනම් කාබනික පරිවර්තනයේ අරමුණු සාක්ෂාත් වන්නේ නැත. සිදුවන්නේ එක විසක් අතහැර තව විසක් ළංකර ගැනීම පමණකි. විදෙස් කාබනික පොහොරවල නිමැවුම කෙසේ සිදුවෙනවා ඇත්ද? ඒ ගැනත් අප සොයා බැලිය යුතුවේ. මෙතෙක් සමාජ අවධානය යොමුවී කතා කරන්නේ ආනයනික කාබනික පොහොර හා ක්ෂුද්‍රජීවීන් ගැන පමණකි. එහෙත් මේවාහි බැරලෝහ අන්තර්ගතය පිළිබඳවද පැහැදිලි සහතිකයක් ලබාගත යුතුවේ. මෙරට පරීක්ෂණාගාර තුළදී ඒ පිළිබඳවද සොයාබැලිය යුතුවේ.

 කඩිනමින් ක‍්‍රියාත්මක කළ විප්ලවීය පරිවර්තනය තුළදී මතුවූ පොහොර ඌණතාවය සමනය කරන්නට තාවකාලික ප‍්‍රතිකර්මයක් වශයෙන් හෝ කාබනික පොහොර ආනයනය කරනවා හැරෙන්නට වෙනත් කළහැක්කක් නොමැත. එය පරිස්සමෙන් කළ යුත්තක්ද වේ. ප‍්‍රවේසම්සහගත පියවරයන් සඳහා වූ ශිල්පීය ඥානය, යටිතල පහසුකම් යනාදී සියල්ල උවමනාවටත් වඩා අප සතුව තිබෙන්නේය. එසේ නමුත් හැකි ඉක්මනට මෙම අවදානම් ක‍්‍රීඩාවෙන්ද අප ඉවත්විය යුතුවේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙන්නේ රසායනික පොහොර යොදන වගාබිමක සරුබව පවත්වාගෙන යාම සඳහා වසරකට හෙක්ටයාරයකට කාබනික ද්‍රව්‍ය (කාබනික පොහොර නොවේ* මෙටි‍්‍රක් ටොන් 10ක් වත් දමනා ලෙසටය. රසායනික පොහොර මාත‍්‍රාව නොයොදන්නේ නම් ශාක පෝෂණය නොඅඩුව සපයා දීම සඳහා මෙම අගය ටොන් 40 ක් පමණ දක්වා ඉහළ යන්නේය. මෙය ඉතා විශාල පරිමාවකි. නුවරඑළිය වැනි තීව‍්‍ර වගා පද්ධතීන් වෙත මෙවැනි ප‍්‍රමාණයන් රැුගෙන යෑම වුවද සිතා ගැනීමටත් බැරි තරමේ අපහසු කටයුත්තක් වේ. ජල ප‍්‍රතිශතය 20% ක් වූ කොම්පෝස්ට් ටොන් 10 ක් ලොරියක පටවාගෙන නුවරඑළි යනවා කියන්නේ, හොඳට තෙමෙන නුවරඑළියට පහතරටින් වතුර ටොන් 2 ක් ප‍්‍රවාහනය ගැනීමක් වැනි බරපතළ සම්පත් නාස්තියකි. එසේනම් හැකි ඉක්මනින් අප පියවර ගත යුත්තේ අඩු පරිමාවක් සහිත හා පෝෂක සාන්ද්‍රණය ඉහළ දැමූ, එමෙන්ම ජල අන්තර්ගතය අවම මට්ටමක තිබෙන කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් මෙරට තුළම ආරම්භ කිරීමටයි. නැවතත් කිවයුත්තේ එයට අවශ්‍ය සියලූ කළමනා හා ශක්තියද ශ‍්‍රී ලාංකිකයන් සතුව තිබෙනා බවයි. අමුද්‍රව්‍ය වලින් වුවද කිසිදු හිඟයක් ඇතිවන්නේ නැත. හානිකර ක්ෂුද්‍රජීවී තර්ජනයද, බැරලෝහ අවදානමද, වතුර ප‍්‍රවාහනය කරමින් සිදුකරන ශ‍්‍රම හා මුදල් නාස්තියද දේශීය කාබනික පොහොර නිෂ්පාදනයේ දියුණුවත් සමග ක‍්‍රමයෙන් පහවීයනු ඇත. සිහිනයක් නොවී, කාබනික පරිසරයත් ක‍්‍රමයෙන් ප‍්‍රසූතිය ලබනවා ඇත. එතෙක් ගමන යා යුත්තේ හරිම පරිස්සමෙනි.

 *  සනත් එම්. බණ්ඩාර
Snathmal[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment