කළුබෝවිල මහ රෝහලේ කොවිඞ් වැළඳී මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර තැනින් තැන දමා තිබෙන බවත් ‘මළමිනී ගොඩ ගැසෙන්න පටන් අරන් අපට සරණක් නැද්ද?’ යනුවෙන් සඳහන් කර විදෙස් රටක ඡායාරූප ව්‍යාජ ලෙස සකසමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැරිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්¥ව මහතා ‘දිවයින’ට ඊයේ (24 දා* පැවැසීය.
ශී‍්‍ර ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පෙරේදා (23 දා* සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවද හෙතෙම කීය.
සැකකරු නුගේගොඩ පදිංචි 36 හැවිරිදි අයකු වන අතර ඔහු කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත මුදාහැර තිබේ.
මොහුට එරෙහිව නිරෝධායන පනත යටතේද ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේද, පරිගණක අපරාධ පනත යටතේද චෝදනා ගොනු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය. මෙහිදී කතා කළ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා – මෙවැනි ව්‍යසන තත්ත්වයකට සමාජය මුහුණදී ඇති අවස්ථාවක ව්‍යාජ තොරතුරු මිථ්‍යා තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙසත් මෙවැනි කි‍්‍රයාවල නිරතවන අයට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවත් කියා සිටියේය.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල
|