ලංකා ඔටෝ මොබයිල් සංගමයට උප අනුශාසකවරු දෙදෙනෙක් පත්වෙති

12

1904දී පිහිටුවන ලද ශ්‍රී ලංකාවේ විශාලතම සහ පැරණිතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමයට (AAC) උප අනුශාසකවරු දෙපළක් පත් කර තිබේ.

පසුගිය මාසික විධායක කමිටු රැස්වීමේදී යාවජීව සාමාජිකයන් වන සුමිත් ආදිහෙට්ටි සහ අජිත මහේෂ් පැස්කුවල් යන සභිකයන් සංගමයේ උප අනුශාසකවරුන් ලෙස පත්කරනු ලැබුවේ ඔවුන් විසින් සංගමයට කරන ලද අනඟි මෙහෙවර හේතුවෙනි. මෙම පත්වීම සභාපති ධම්මික ආටිගල මහතා විසින් යෝජනා කරන ලදී. මෙම දෙපළ ලංකා වාණිජ හා බැංකු ක්ෂේත්‍රයේ ඉතා අනඟි සේවයක් කර ඇත.


advertistmentadvertistment