ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තෙ, ලංකා බැංකුවේ මහා කළමනාකරු ඞී. පී. කේ. ගුණසේකර, ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු (මානව සම්පත්) කේ. ඊ. ඞී. සුමනසිරි සහ ලංකා බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික හර්ෂ විජේවර්ධන මහත්වරුන් අදහස් දක්වමින්….
ලංකා බැංකුවේ 82වැනි සංවත්සරය පසුගියදා මහත් අභිමානයෙන් සමරනු ලැබීය. ඒ වෙනුවෙන් පැවති විශේෂ වැඩසටහන ලංකා බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේදී බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ, මහා කළමනාකරු ඞී. පී. කේ. ගුණසේකර මහත්වරුන් ඇතුළු බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය හා සේවකයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහි විශේෂ අවස්ථාවක් ලෙස නව අපනයන ඒකකය විවෘත වූ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එය විවෘත කිරීම සිදු කෙරිණි.
ලංකා බැංකුවේ 82 සංවත්සරය හා අපනයන ඒකකය විවෘත කිරීම ඇතුළු විශේෂ අවස්ථා ඡායාරූපවලින් දැක්වේ.
ප‍්‍රභාත් විතාන සහ රුවන් ජයවර්ධන
ඡායාරූප සමන් රණවීර






