ලංකා බැංකුව අඛණ්ඩව 13 වන වරටත් වසරේ වටිනාම බැංකු සන්නාමය බවට පත් වෙයි

95

* රුපියල් බිලියන 50 සීමාව ඉක්මවා ගිය එකම බැංකු සන්නාමය.

* 12% ක වර්ධනයක් සහිත BOC‍  වෙළෙඳ නාම වටිනාකම රුපියල් බිලියන 53 කි.

මෙරට බැංකු හා මූල්‍ය ක්‍ෂෙත‍්‍රයේ වසර 81 ක ගමන් මගේ දී රුපියල් බිලියන 53 ක සන්නාම වටිනාකමක් වාර්තා කොට, අඛණ්ඩව වසර 13ක් ශ‍්‍රී ලංකාවේ අංක 1 බැංකු සන්නාමය බවට පත්වෙමින් පෙරමුණ ගැනීමට ලංකා බැංකුව (BOC) සමත් විය.

ශ‍්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය ක්‍ෂේත‍්‍රය තුළ විශ්වාසයේ හා ස්ථාවරත්වයේ ප‍්‍රතිමූර්තිය වන ලංකා බැංකුව, පූර්ණ රාජ්‍ය බැංකුවක් ලෙසත්, වගකිවයුතු ආයතනික පුරවැසියකු ලෙසත් සිය මූල්‍ය ශක්තිය සනාථ කිරීම පමණක් නොව, විශේෂයෙන් කෝවිඞ් -19 වසංගතය වැනි අර්බුදකාරී අවස්ථාවලදී ජාතියේ අවශ්‍යතා සපුරාලීමට ද උපරිම කැපවීමෙන් කටයුතු කොට ඇත.

”ලංකා බැංකුවේ ප‍්‍රධානතම අරමුණ සියලූම ජනතාව සමඟ එක්ව, දිවයිනේ සමස්ත සමාජ, ආර්ථික ප‍්‍රගතිය කරා ගමන් කිරීමයි. ආරම්භක මට්ටමේ ව්‍යාපාරවල සිට හොඳින් ස්ථාපිත සමාගම් දක්වා සියලූම ව්‍යාපාර සඳහා ප‍්‍රධාන මූල්‍ය සහකරුවකු විදියට ලංකා බැංකුව කටයුතු කරනවා. ඒ වගේම ලංකා බැංකුවේ මූල්‍ය ශක්තිය සහ මෙහෙයුම් ධාරිතාව මඟින් මේ රටේ බැංකු හා මූල්‍ය ක්‍ෂේත‍්‍රයට ඉතා හොඳ මග පෙන්වීමක් ලබා දෙනවා කිව්වොත් නිවැරදියි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ දේශීය ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම මගින් ආර්ථික පුනර්ජීවනය ඇතිකිරීම සඳහා පෙරමුණ ගන්නවා වගේ ම, සියලූම නියාමනයන්ට අනුකූලව මෙරට බැංකු ක්‍ෂේත‍්‍රයේ අඛණ්ඩතාව පවත්වා ගැනීමටත් අපි උපරිමයෙන් කැප වෙනවා. ලබාගත් මෙම සුවිශේෂී ජයග‍්‍රහණයේ සතුට සහ අභිමානය අපගේ වටිනා පාර්ශ්වකරුවන් සමඟ බෙදා ගන්නා අතරතුර, රටේ සංවර්ධනය වෙනුවෙන් අපි දියත් කරන වැඩසටහන් ඉදිරියටත් තවත් පුළුල් විදියට කරගෙන යාමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment