ලංකා බැංකුව 2022 නව වසරේ වැඩ අරඹයි

91

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ සහ මහා කළමනාකරු කේ. ඊ. ඞී. සුමනසිරි යන මහත්වරුන් විසින් BOC SME Circle විශේෂ ඒකකය උත්සවාකාරයෙන් විවෘත කරන අයුරු. එම අවස්ථාවට එක් වූ නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික හා අක්වෙරළ බැංකු කටයුතු) ප‍්‍රියල් සිල්වා හා සහකාර මහා කළමනාකරු (සංවර්ධන බැංකුකරණ) ඞී. ඒ. එස්. එස්. විමලසිරි යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

2002 නව වසරේ සියලූ වැඩකටයුතු ආරම්භ කරමින් ලංකා බැංකුව සිය ගනුදෙනුකරුවන්, පාර්ශ්වකරුවන් සහ සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට සුබම සුබ අලූත් අවුරුද්දක් වේවායි ප‍්‍රාර්ථනා කරයි.

නව වසරේ සමාරම්භක උත්සවය ලංකා බැංකු ප‍්‍රධාන කාර්යාලයේදී ජනවාරි 01 වැනිදා පැවැත්විණි. එහිදී බැංකුවේ කාර්ය මණ්ඩලයට, සියලූම ගනුදෙනුකරුවන්ට මෙන්ම සියලූම ශ‍්‍රී ලාංකිකයන්ට ආශිර්වාද පතා ආගමික් වතාවත් පැවැත්වුණු අතර ඉන් අනතුරුව ප‍්‍රධාන උත්සවය පැවැත්විණි.

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ සහ මහා කළමනාකරු කේ. ඊ. ඞී. සුමනසිරි යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා ගනුදෙනුකරුවෝ, අයතිනක හා විධායක කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ සහ අනෙකුත් බැංකු නිලධාරීහු සහභාගි වූහ. ලංකා බැංකු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මෙම උත්සවයට සමගාමීව සියලූම ලංකා බැංකු ශාඛාවන් විසින් ආගමික කටයුතුවල නියැලෙමින් සිය ගනුදෙනුකරුවන්ගේ සහභාගිත්වයෙන් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

ලංකා බැංකුව 2022 නව වසරේ වැඩ අරඹයි

ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ සහ මහා කළමනාකරු කේ. ඊ. ඞී. සුමනසිරි, නියෝජ්‍ය මහා කළමනාකරු (නිෂ්පාදන හා බැංකු සංවර්ධන) වයි. ඒ. ජයතිලක යන මහත්වරුන්, Hovel Holdings සමාගමේ මූල්‍ය අධ්‍යක්‍ෂිකා රම්‍යා රණවීර මහත්මිය රවත BOC Fuel Card පත පිරිණැමූ අයුරු. එම අවස්ථාවට එක් වූ සහකාර මහා කළමනාකරු (ඉලෙක්ට්‍රොනික බැංකු මධ්‍යස්ථාන) එරංග බණ්ඩාර, සහකාර මහා කළමනාකාරිණී (ඩිජිටල් නිපැයුම් ප‍්‍රවර්ධන) කේ. පී. මල්ලිකා සහ සහකාර මහා කළමනාකරු (නිපැයුම් සංවර්ධන හා BPRP) එස්. ටී. එස්. ඒ. පෙරේරා යන මහත්ම මහත්මීහුද ඡායාරූපයේ වෙති.

නව වසරේ සමාරම්භක උත්සවයට සමගාමීව ලංකා බැංකුව සිය නව ණය කාඞ්පත (BOC Credit Card) BOC ඉන්ධන කාඞ්පත (BOC Fuel Card) සහ ක්‍ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය සේවාවන් සපයන විශේෂිත සේවා මධ්‍යස්ථානයක් වන SME Circle විශේෂ ඒකකය හඳුන්වාදී සිදු කෙරිණි. ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන්ට කාර්යක්‍ෂමව සහ පහසුවෙන් ඔවුන්ගේ මූල්‍ය හා මූල්‍ය නොවන අවශ්‍යතා සපුරා ගැනීමේ අවස්ථාව මෙම සේවාවන් හරහා ලබාදීමට ලංකා බැංකුවේ අරමුණයි.

ඡායාරූප- සමන් රණවීර

advertistmentadvertistment