ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ලංකා බැංකුව, 2024 මහජන විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන 4කින් පිදුම් ලැබීය. Iconic Awards විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
මෙහි දී ලංකා බැංකුවට ‘2024 වසරේ විශිෂ්ටතම ශ්‍රී ලාංකේය බැංකුව’ට හිමි සම්මානය සහ ‘වසරේ හොඳම SME සේවා සපයන්නා’ට හිමි සම්මානය හිමි වූ අතර, එම සම්මාන උළෙලේ දී ‘වසරේ හොඳම ප්‍රවර්ධන වැඩසටහන’ ලෙස තරුණ ව්‍යවසායකයින් බලගැන්වීම වෙනුවෙන් ලංකා බැංකුව හඳුන්වා දුන් ‘BOC Youth’ ණය යෝජනා ක්‍රමයේ අලෙවි ප්‍රවර්ධන වැඩසටහනත්, ‘වසරේ හොඳම බැංකු ශාඛාව’ ලෙස BOC ටොරින්ටන් ශාඛාවත් සම්මාන ලැබීය.
නව්‍යකරණය හරහා සිය සේවාවන් අඛණ්ඩව වැඩි දියුණු කිරීම වෙනුවෙන් නිරන්තර අවධානය යොමු කරන ලංකා බැංකුව, සිය ඩිජිටල් සේවාවන් පුළුල් කරමින්, මෙරට ආර්ථික වර්ධනය සඳහා උපරිම දායකත්වය ලබා දෙන අතර, සියලුම ජන කොටස්වලට පහසුවෙන් ප්‍රවේශ විය හැකි බැංකු සේවාවන් ලබා දීමට ද ලංකා බැංකුව නිරන්තරයෙන් කැප වෙයි.