හේතුව පෞද්ගලිකයි – රමාල් සිරිවර්ධන කියයි
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
පෞද්ගලික හේතුවක් මත මීට දින 05කට පමණ පෙර ඒ මහතා සිය ඉල්ලා අස්විමේ ලිපිය ප්‍රවාහන සහ මහමාර්ග අමාත්‍යාංශය වෙත යවා තිබේ.
වත්මන් රජය පත්වූ පසු රමාල් සිරිවර්ධන මහතා ලංගම සභාපති ධුරයට පත් වූ අතර යහපාලන ආණ්ඩු සමයේ ද ඔහු ලංගම සභාපති ලෙස කටයුතු කළේය.
අකිත පෙරේරා